Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එ. ජාතීන්ගේ 78වන මහමණ්ඩල සැසිය අදින් ඇරඹේ
    Featured

    එ. ජාතීන්ගේ 78වන මහමණ්ඩල සැසිය අදින් ඇරඹේ

    By LFNSeptember 18, 2023Updated:September 18, 2023No Comments2 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අදින් (18) ආරම්භ වීමට නියමිතය.

    මෙවර සැසිවාරය ලබන 21 වනදා දක්වා පැවැත්වේ.

    “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර සැසිවාරය පැවැත්වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 වනදා වන අතර ජනාධිපතිවරයා ඊයේ (17) අලුයම අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත පැමිණ තිබුණි.

    මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

    එහිදී ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍ය අතර සංවාදය සඳහා ද එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින් ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ (17) දිනට යෙදී ඇති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වන ජන්ම දින සමරුම වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වන බැවින් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.