Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

    January 6, 2026

    ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

    January 6, 2026

    නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

    January 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එ. ජාතීන්ගේ 78වන මහමණ්ඩල සැසිය අදින් ඇරඹේ
    Featured

    එ. ජාතීන්ගේ 78වන මහමණ්ඩල සැසිය අදින් ඇරඹේ

    By LFNSeptember 18, 2023Updated:September 18, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අදින් (18) ආරම්භ වීමට නියමිතය.

    මෙවර සැසිවාරය ලබන 21 වනදා දක්වා පැවැත්වේ.

    “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර සැසිවාරය පැවැත්වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 වනදා වන අතර ජනාධිපතිවරයා ඊයේ (17) අලුයම අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත පැමිණ තිබුණි.

    මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

    එහිදී ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍ය අතර සංවාදය සඳහා ද එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින් ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඊයේ (17) දිනට යෙදී ඇති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වන ජන්ම දින සමරුම වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වන බැවින් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

    January 6, 2026

    ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

    January 6, 2026

    නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

    January 6, 20260115 Views

    ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට්…

    ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

    January 6, 2026

    නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

    January 6, 2026

    දිට්වා ගැන අධ්‍යයනය කරන විශේෂ කාරක සභාවේ සභාපතීත්වය විපක්ෂය ඉල්ලයි

    January 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.