Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා – ජනපති
    Featured

    රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා – ජනපති

    By LFNSeptember 7, 2023No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එදා නොදියුණු ප්‍රදේශයක්වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (06) පස්වරුවේ එක් වෙමිනි.

    දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙනඒමට ජනතා නියෝජිතයින්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    අපේ රටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්‍රකාශ කළද අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්වී ඇති බවත්, රටේ සෑම පළාතකම බියගම සහ කටුනායක වැනි කර්මාන්තකරණයක් සිදු කළා නම් අද රටක් ලෙස ආර්ථික පීඩාවකට ලක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    නව ආයෝජන කලාප ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කරන අතරම අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා විවර කරදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 20250120 Views

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම…

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.