Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ටෙලිකොම් රැක ගන්නැයි ජනපති ට ලිපියක්
    Featured

    ටෙලිකොම් රැක ගන්නැයි ජනපති ට ලිපියක්

    By LFNJuly 27, 2023No Comments2 Mins Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට විරුද්ධ වන හේතු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

    එහි පිටපත් සර්වආගමික නායකයින්, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායක, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, මානව හිමිකම් කොමිසම, කම්කරු කොමසාරිස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඇතුළු පාර්ශ්ව රැසක් වෙත යොමුකර ඇත.

    රට තුළ පැවැති යුද සමයේදී ආරක්ෂක අංශවලට අවශ්‍ය අත්‍යවශ්‍ය සහාය ලබාදෙමින් සන්නිවේදන පහසුකම් සැපයූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුනාමි සහ කොවිඩ් තත්ත්වයන්වලදී ද රට වෙනුවෙන් විශාල සේවයක් සැපයූ බව අදාළ ලිපියෙන් පෙන්වා දෙයි.

    ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සන්නිවේදන ජාලය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ලාභය වෙනුවට රට වෙනුවෙන් කටයුතු කළ බවද සිහිපත් කරයි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2012 වසරේ සිට 2021 වසර දක්වා ලබා ඇති ලාභය පිළිබඳව ද අදාළ ලිපියෙන් පෙන්වා දී තිබුණි.

    IMF යෝජනා තුළ රජයට බරක් වී ඇති ආයතන ප්‍රතිව්‍යුහගත කරන ලෙස දන්වා තිබුණ ද ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකිණිය යුතු යැයි සඳහන් වී නොමැති බවද අදාළ ලිපියෙන් සඳහන් කරයි.

    ලාභදායි ලෙස මෙරට ජනතාවට සන්නිවේදන සේවා සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් ලාංකීය ජනතාවට රජය සතු ආයතනයක් ලෙස තැබිය යුතු බවද ජනාධිපතිවරයා වෙත යැවූ එම ලිපියෙන් පෙන්වා දෙයි.

    තවද මෙරට ග්‍රාමීය ප්‍රදේශවල දුරකථන සබඳතා සඳහා කිලෝමීටර් 65,000ක ෆයිබර් ජාල ව්‍යාප්ත කිරීම ද මේ වනවිට සිදුකර ඇති බව පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දත්ත සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම රටවල් 16ක් යා කරන මුහුදු සන්ධාම පද්ධතියක්, කේබල් නඩත්තු මධ්‍යස්ථානයකින් ද සමන්විතය.

    එවන් ආයතනයක් රටට ජාතික වස්තුවක් බවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙයි.


    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.