Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මනම්පිටිය මාරක බස් අනතුරේ අලුත්ම කතාව
    Hot News

    මනම්පිටිය මාරක බස් අනතුරේ අලුත්ම කතාව

    By LFNJuly 10, 2023No Comments2 Mins Read306 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බව වාර්තා වේ.

    ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එසේ වුවත් පළාත් අධිකාරියකින් යම් බලපත්‍රයක් ලබා දී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අවිධිමත්ව ධාවනය වන බස්රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීම සඳහා මේ වනවිට නීති සකස් කරමින් සිටින බවය.

    ඒ අනුව ඉදිරියේ දී නීති තද කරන බවත් ඊයේ රාත්‍රීයේ අනතුරට පත්වූ බස්රථයට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ශෂී වෙල්ගම මහතා තවදුරටත් පැවසීය.

    “අපිට තොරතුරු ලැබුණාහම ජංගම පරීක්ෂණ කණ්ඩායම් යොදවලා පරීක්ෂා කරනවා. මෙම කණ්ඩායම් යෙදෙන දවස්වලට සමහර වෙලාවට මෙම බස්රථ ධාවනය කරන්නෙත් නෑ. එවැනි බස් ගැන තොරතුරු ලබාගෙන ඒවා උසාවියට ඉදිරිපත් කරලා දඬුවම් දුන්න අවස්ථාත් තියෙනවා. ඊට අමතරව තමා මෙයාලා මේ කිසිම අවසරයක් නැතුව ධාවනය කරලා තියෙන්නේ.”

    පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

    කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

    බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අනතුරින් මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබුවන් 41දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.