Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් විදෙස් රැකියා ජාවාරමක් වටලයි
    Featured

    තවත් විදෙස් රැකියා ජාවාරමක් වටලයි

    By LFNJune 30, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් යොදාගෙන සිදුකළ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.

    “ජයභූමි පදනම” නමින් මෙම ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇත.

    මෙලෙස විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පවසයි.

    එම නිලධාරීන් පැවසුවේ අමෙරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා මෙම ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති බවය.

    මොහාන් ද සිල්වා නම් පුද්ගලයෙකු විසින් වසර 3ට අධික කාලයක් පුරා මෙම ජාවාරම, රාජගිරිය, “ජනජය සිටි” නම් ගොඩනැගිල්ලේ 6 වන මහලේ පවත්වාගෙන ගොස් ඇති බව කාර්යාංශය පවසයි.

    එම ආයතනයේ තිබී රැකියා අපේක්ෂකයින් 636 දෙනෙකුට අදාළ ලිපිගොනු කාර්යාංශ විමර්ශන භාරයට ගෙන ඇත.

    සැකකරු විසින් අමෙරිකාවේ වීසා අයදුම් කිරීම සඳහා එක් අයදුම්කරුවෙකුගෙන් රුපියල් 75,000.00 බැගින් පුද්ගලයින් 400ක ගෙන් පමණ මුදල් ගෙන ඇති බව වාර්තා වෙයි.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී.

    විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගගත හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,917 Views
    Don't Miss

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 20250126 Views

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති…

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.