Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහල්ගත කළ පුංචි අරූෂ සැකසහිත ලෙස මරුට
    Featured

    රෝහල්ගත කළ පුංචි අරූෂ සැකසහිත ලෙස මරුට

    By LFNJune 21, 2023No Comments1 Min Read294 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු පසුගිය 25 වනදා හදිසියේ මියගොස් තිබුණි.

    ඒ, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අරූෂ අශ්විද වෙල්ගම නමැති දරුවෙකි.

    දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා පසුගිය 22 වනදා රෝහලට ඇතුළත් කර තිබුණේ පාදයේ අස්ථියක සැත්කමක් සිදුකිරීම සඳහාය.

    කෙසේවෙතත් පැය 06ක සැත්කමකින් පසු දරුවා දැඩි සත්කාර ඒකකයට යොමුකළ බවත් ඉකුත් 25 වනිදා දරුවා මියගිය බවත් දරුවාගේ මව්පියන් පවසයි.

    මිට පෙර අවස්ථා දෙකකදීත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව ඇතිවූ සංකූලතා හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බවට චෝදනා එල්ල වුණි.

    එවන් පසුබිමක, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, සිය අධිකාරියේ ලියාපදිංචියකින් තොරව විශේෂ විධිවිධාන යටතේ මෙරටට ගෙන්වූ ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවය.

    එවන් පසුබිමක සෞඛ්‍ය වෘත්තිය සමිති අදත් චෝදනා කළේ දරුවාගේ මරණයටද අදාළ නිර්වින්දන ඖෂධය හේතුවී ඇති බවට සැකයක් පවතින බවය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ මරණය සැක සහිත බවට කිසිදු පාර්ශ්වයකින් පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

    සැත්කම සිදුකර දින දෙකකට පසු මෙම දරුවා මරණයට පත්වීම නිර්වින්දන ඖෂධයෙන් සිදුවූවක් බවට සැක කිරීමට තරම් සාධාරණ හේතු නොමැති බවද ඔහු සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්

    March 24, 202602 Views

    මැද පෙරදිග පවතින දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා…

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026

    ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

    March 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.