Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රෝහල්ගත කළ පුංචි අරූෂ සැකසහිත ලෙස මරුට
    Featured

    රෝහල්ගත කළ පුංචි අරූෂ සැකසහිත ලෙස මරුට

    By LFNJune 21, 2023No Comments1 Min Read295 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු පසුගිය 25 වනදා හදිසියේ මියගොස් තිබුණි.

    ඒ, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අරූෂ අශ්විද වෙල්ගම නමැති දරුවෙකි.

    දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා පසුගිය 22 වනදා රෝහලට ඇතුළත් කර තිබුණේ පාදයේ අස්ථියක සැත්කමක් සිදුකිරීම සඳහාය.

    කෙසේවෙතත් පැය 06ක සැත්කමකින් පසු දරුවා දැඩි සත්කාර ඒකකයට යොමුකළ බවත් ඉකුත් 25 වනිදා දරුවා මියගිය බවත් දරුවාගේ මව්පියන් පවසයි.

    මිට පෙර අවස්ථා දෙකකදීත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව ඇතිවූ සංකූලතා හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බවට චෝදනා එල්ල වුණි.

    එවන් පසුබිමක, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, සිය අධිකාරියේ ලියාපදිංචියකින් තොරව විශේෂ විධිවිධාන යටතේ මෙරටට ගෙන්වූ ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවය.

    එවන් පසුබිමක සෞඛ්‍ය වෘත්තිය සමිති අදත් චෝදනා කළේ දරුවාගේ මරණයටද අදාළ නිර්වින්දන ඖෂධය හේතුවී ඇති බවට සැකයක් පවතින බවය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ මරණය සැක සහිත බවට කිසිදු පාර්ශ්වයකින් පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

    සැත්කම සිදුකර දින දෙකකට පසු මෙම දරුවා මරණයට පත්වීම නිර්වින්දන ඖෂධයෙන් සිදුවූවක් බවට සැක කිරීමට තරම් සාධාරණ හේතු නොමැති බවද ඔහු සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.