Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025

    ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

    October 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෆීල්ඩ් මාෂල් කණ්නාඩියෙන් දකින නායකයා කවුද?
    Featured

    ෆීල්ඩ් මාෂල් කණ්නාඩියෙන් දකින නායකයා කවුද?

    By LFNJune 14, 2023No Comments2 Mins Read202 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිටට ගියවිට රටට නායකත්වය දිය හැකි නායකයකු තමන්ට පෙනෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ දී ඊයේ (13) දින පැවසීය.

    පූගොඩ මණ්ඩාවල රණවිරු ගම්මානයේ පැවැති රණවිරු සැමරුමකට එක් වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා එලෙස පැවසූවේය.

    ෆොන්සේකා මහතා එහිදී මෙසේද කීය.

    අද වන විට රටේ පාලකයන්ට මෙන්ම බොහෝ ජනතාවටත් රණවිරුවන් අමතක වෙමින් පවතිනවා. යුද්ධයක් තිබුණද කියලත් දැන් සමහරු දන්නේ නෑ . සමස්තයක් ලෙස ⁣වර්තමාන රජය ඇතුළු කිසිදු රජයක් රණවිරුවන් පිළිබදව බැලුවේ නෑ.

    උතුරු නැගෙනහිර සමහර ඉඩම් තියෙනවා යුද හමුදා අවශ්‍යතාවය මත කදවුරු ස්ථාන ගත කරන ලද. ලබා ගත් සමහර ඉඩම් නැවත ලබා දීමටත් හැකියාව තිබෙනවා. නමුත් දේශපාලන උවමනාවන් මත එම ඉඩම් නැවත ලබා දීම පිලි ගන්න බෑ. උතුරු නැගෙනහිර ඡන්දවලට කෑදර කමේ හමුදාවන් අඩපණ කිරීමේ සහ අස්ථාන ගත කිරීමේ ප්‍රවණතාවයක් දැන් පෙනෙනවා. එවා නිවට බියගුලු වැඩ. ඒවාට අපි විරුද්ධයි.

    වර්තමාන පාලන තන්ත්‍රයම නිවටයි. පිළිකුල් සහගතයි. දුර්වලයි. මේ රටට අවශ්‍ය කැපවීමෙන් වැඩකළ හැකි බුද්ධිමත් නායකයකු අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි බොහෝ දෙනා අසන මුත් එය අහන්න පහසු උවත් පිළිතුරු දීම අපහසු කාරණයක්.

    රටේ ජනතාව නිවරැදි නායකත්වයක් තෝරා ගැනීම සදහා කැපකිරීම් කළහොත් ඒ වෙනුවෙන් යෝජනා ආවොත් සලකා බැලීමට හැකියාව තිබෙනවා. කොහොම වුණත් මගේ නිවසේ මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිට ට ගියාම අනාගතයේදී රටට නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක්ම මට පෙනෙනවා.

    වර්තමාන ජනාධිපතිවරයා රාජපක්ෂලා තරම් දූෂිත නොමැති නිසා මට රනිල් වික්‍රමසිංහ මහතා ට ආචාර කළහැකි වුවත් ඉදිරි ජනාධිපතිවරණයකදී කිසිදු ලෙසකින් ඔහුට සහය පළ කිරීමක් සිදු වන්නේ නෑ ඔහු දක්ෂයෙක් නෙමේ දුර්වලයෙක් යැයිද පැවසීය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,377 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 202503 Views

    උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20) රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය…

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025

    ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

    October 20, 2025

    කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    October 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.