Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 2025

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025

    සත්තු වත්තේ අතුරුදන්වූ ‘කහ ඇනකොණ්ඩා’ පැටවා හමුවෙයි

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්වවිද්‍යාල ගැටලු විසඳන්න ජනපති‍ගෙන් දැඩි තීරණයක්
    Featured

    විශ්වවිද්‍යාල ගැටලු විසඳන්න ජනපති‍ගෙන් දැඩි තීරණයක්

    By LFNJune 12, 2023No Comments2 Mins Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපනය සම්බන්ධයෙන් පත්කර ඇති කැබිනට් කමිටුව මඟින් විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය උසස් කිරීමට අදාළ සියලු ගැටලු පිළිබඳ සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    CVCD විශිෂ්ටතා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

    වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධාන කරනු ලබන CVCD විශිෂ්ටතා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබාදෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක්කෙරේ.

    වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

    “ශ්‍රී ලංකාවේ රැඳීඉන්න ඔබ කැමතිද කියලා මං වර්තමාන තරුණ ප්‍රජාවගෙන් විමසුවම, ඔවුන්ගෙන් වැඩිදෙනා කියන්නේ නැහැ කියලා. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණදෙන බරපතළම අර්බුදය. ඒ වගේම ශ්‍රී ලංකාව මුහුණදිලා ඉන්න විශාල ගැටලුවේ එක කොටසක්. අපි කොහොමද අනාගතයට මුහුණදෙන්නේ ? අපි ඉන්නෙ කොතැනද ? මම විශ්වවිද්‍යාලේ යන කාලෙ, අපේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල අතර ඉහළ තැනක තිබුණා. රජයේ විශ්වවිද්‍යාල කොහොමද පවත්වාගෙන යන්නේ, ඒවායේ උප කුලපතිවරයාට පහර දෙනවා නම් ? එහෙම වෙන්න බැහැ. යම් තැනකදි අපි මේ ප්‍රශ්නෙට මුහුණදීලා එය විසඳන්න ඕන. වෙන යන්න පාරක් නැහැ. අපි මේ ගැටලුවලට විසඳුම් නොදුන්නොත් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තුළ තව බරපතළ දේවල්වලට මුහුණදෙන්න සිදුවේවි. අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් කැබිනට් කමිටුවක් පත්කළා. එමගින් සියලු ගැටලු සලකා බලනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 2025

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025

    සත්තු වත්තේ අතුරුදන්වූ ‘කහ ඇනකොණ්ඩා’ පැටවා හමුවෙයි

    December 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 20250119 Views

    දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව…

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025

    සත්තු වත්තේ අතුරුදන්වූ ‘කහ ඇනකොණ්ඩා’ පැටවා හමුවෙයි

    December 17, 2025

    රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ වැටුප් ගැටලුව අගමැතිනියගේ අවධානයට

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.