Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදු වෑන් නඩුවේ පළමු සාක්ෂිකරුට වරෙන්තු
    Featured

    සුදු වෑන් නඩුවේ පළමු සාක්ෂිකරුට වරෙන්තු

    By LFNJune 8, 2023Updated:June 8, 2023No Comments2 Mins Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් නඩුවේ පළමුවන සාක්ෂිකරු සාක්ෂිදීම සඳහා අද (08) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

    මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පළමුවන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටින සරත් කුමාර නමැත්තා සාක්ෂිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වෙයි.

    ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයෙකු අධිකරණය හමුවේ ප්‍රකාශකළේ තම සේවාදායකයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් අධිකරණය හමුවට පැමිණිය නොහැකිවූ බවය.

    මෙහිදී විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමුකරමින් සාක්ෂිකරු අධිකරණය හමුවට පැමිණි සඳහා අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ආරක්ෂාවක් දැයි විමසීය.

    ඊට අදාළ නීතිඥවරයා පැහැදිලි පිළිතුරක් ලබා දී නොමැත.

    ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව අදාළ සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තුවක් නිකුත් කළේය.

    මෙහි දී රජයේ නීතිඥවරයා ඇමතු විනිසුරුවරයා, මෙම නඩුව දිගින් දිගටම කැඳවීමෙන් ඵලක් නොවන බව පෙනීයන්නේ යැයි කියා සිටියේය.

    එම නිසා පළමුවන සාක්ෂිකරු නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට ඇති හැකියාව සොයාබලන ලෙසත් මෙහිදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

    ඉන් පසුව නඩු විභාගය සැප්තැම්බර් මස 01 වනදා තෙක් කල්තැබීය.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ නොවැම්බර 10 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම ඇතුළු චෝදනා කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.