Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    By LFNJune 7, 2023Updated:June 7, 2023No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දින කිහිපයකට පෙර කළු ගඟ ද්‍රෝණියේ කුඩාගඟ ද්‍රෝණියේ ඉහළ කොටසට ඇද හැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවය.

    වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු. එස්.පී.සී. සුගීෂ්වර මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

    “විශේෂයෙන්ම බුලත්සිංහල සහ පාරින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කුඩා ගඟ දෙපස පහත්බිම් ප්‍රදේශවල අතුරු මාර්ග කිහිපයක් මේ වනවිටත් ජලයෙන් යටවී ඇති නිසා වාහන ධාවනය අපහසුයි. ඇතැම් මාර්ගවලට බෝට්ටු සේවාවන් යොදවා තිබෙනවා. මේ තත්ත්වය අද සහ හෙට දිනය තුළ බොහෝ විට පැවතිය හැකියි. දිවයිනේ වෙනත් කිසිදු ප්‍රධාන ගංගාවක ගංවතුර තත්ත්වයක් මේ වනවිට නොමැත.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 202604 Views

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ…

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.