ගමන් බලපත්‍ර 02 ක් සන්තකයේ තබා ගනිමින් මෙරටට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් චීන ජාතිකයා මෙරටින් පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබෙනවා.
ඒ, අදාළ චීන ජාතිකයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවයි.
චීන ගුවන් බලපත්‍රයට අමතරව ගිනියා රාජ්‍යයෙන් නිකුත් කරන ගුවන් බලපත්‍රයක් ද සමග අදාළ චීන ජාතිකයා මෙරටට පැමිණ තිබුණේ පසුගිය 18 වන දිනයි.
එහිදී ඔහු සතුව තිබූ ගමන් බලපත්‍රයක් පිළිබඳ සැක සිතී ආගමන විගමන නිලධාරීන් ඔහු ගුවන් තොටුපළ තුළ රඳවා ගෙන තිබුණා.
පසුව ඔහු නිදහස් කිරීමට ආගමන විගමන නිලධාරීන් ක්‍රියාකර තිබුණේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආගමන විගමන පාලකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
අදාළ චීන ජාතිකයා මෙරට ආයෝජනයකට පැමිණි අයෙකු බව රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා.