Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇතැම් ඖෂධ හිඟ බව සෞඛ්‍ය ඇමති කියයි

    August 24, 2025

    ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

    August 24, 2025

    ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි

    August 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදු අලියෙක් වූ 2021 අය වැය යෝජනාව
    Featured

    සුදු අලියෙක් වූ 2021 අය වැය යෝජනාව

    By LFNMay 21, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වසරේ අයවැයෙන් සම්මත කර ඇතත්,එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි හා අණපනත් මෙතෙක් සම්මත කර නොගැනීම හේතුවෙන්, එය හුදු අයවැය යෝජනාවක් පමණක් බවට පත්ව ඇත

    බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කළ 2021 අයවැය යෝජනාවලියට මෙම යෝජනාව ද ඇතුළත් ව ඇත.

    යෝජනාව සම්මත කර වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්,එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි හා අණපනත් සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කර නොගැනීමෙන්, එය තවත් සුදු අයවැය යෝජනාවක් පමණක් වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    ජනාධිපතිවරයකු මාස දෙක තුනක් හෝ වසර දෙක තුනක් ජනාධිපතිධුරය හොබවා විශ්‍රාම ගියද ,ඔහුට සහ ඔහුගේ ඇවෑමෙන් සිය බිරියට විශ්‍රාම වැටුප ඇතුළු පහසුකම් සැපයෙන අතර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසර 5 සම්පූර්ණ වීමෙන් පසුව ,පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව, විශ්‍රාම වැටුප් හිමි වෙයි.

    2021 අයවැයෙන් යෝජනා කරන ලද පරිදි ,ජනාධිපතිවරයා විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර 5ක් සම්පූර්ණ කළ යුතු අතර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපට හිමිකම් කීමට වසර දහයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු වේ.

    හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ ,මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට මෙන්ම,හිටපු ජනාධිපති රණසිංහ මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියටද විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද දැනටත් හිමිවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇතැම් ඖෂධ හිඟ බව සෞඛ්‍ය ඇමති කියයි

    August 24, 2025

    ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

    August 24, 2025

    ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි

    August 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,347 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,278 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    ඇතැම් ඖෂධ හිඟ බව සෞඛ්‍ය ඇමති කියයි

    August 24, 20250112 Views

    පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම්…

    ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

    August 24, 2025

    ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට සාමාජිකයින් පත් කරයි

    August 24, 2025

    ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයයි

    August 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.