Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිගින් දිගටම චණ්ඩි පාට් දාන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ
    Featured

    දිගින් දිගටම චණ්ඩි පාට් දාන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ

    By LFNApril 25, 2023No Comments2 Mins Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආරක්ෂක හේතූන් මත කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් මාදිවෙල කුරුලු උයන සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අක්කර 38 ක භූමිය ජනාධිපති මන්දිරය ඉදිකිරීමට අවධානය යොමු වී ඇත.

    තලංගම පොලිස් වසමේ පිහිටි ජාතික සඳුන් උයන පිහිටි ඉඩම පහළවෙළ ග්‍රාම සේවා වසම ට අයත් වන අතර මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුලු උයන ඉදිකිරීමට යෝජිත භූමිය මිරිහාන උතුර, මාදිවෙල, ප්‍රගතිපුර, හා උඩහමුල්ල ග්‍රාම සේවා වසම් වලට අයත්ය.

    ජාතික සඳුන් උයන ව්‍යාපෘතිය 2021 වසරේ ජූලි මස ආරම්භ කළේ සඳුන් පැළ 1000 ක් රෝපණය කරමිනි. ඒ සඳහා ජනතා මුදල් රුපියල් කෝටි ගණනක් වැය කෙරිණි.

    ඉකුත් අරගල සමයේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අරගලකරුවන් අත්පත් කරගෙන සිටියදී එහි වැදගත් බොහෝ ආරක්ෂක ස්ථාන වල ඡායාරූප වීඩියෝ දර්ශන ජංගම දුරකථන සහ විවිධ තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ විවිධ පුද්ගලයන් අතට පත්වීම මෙන්ම ජාත්‍යන්තරය වෙතද නිරාවරණය වීය.

    ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රජයේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ අවධානය යොමු කර ඇතැයි ද දැනගන්නට ඇත. එය ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි ගැටළුවක් බවට පත්ව ඇත.

    එම ප්‍රදේශයේ නව ජනාධිපති කාර්යාලය සහ නව ජනාධිපති මන්දිරය ඉදි කිරීම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය විසින් භූ විද්‍යා පතල් කැනීම් හා ඉඩම් ගොඩකිරීම් යන රාජ්‍ය ආයතනවලින් වාර්තා මෙන්ම ආරක්ෂක අංශ වල බුද්ධි නිලධාරීන්ගෙන් ද වාර්තා කැඳවා ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.