Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව-ඉන්දියාව බලශක්ති ගිවිසුමට අත්සන් කරන්න යයි
    Featured

    ශ්‍රී ලංකාව-ඉන්දියාව බලශක්ති ගිවිසුමට අත්සන් කරන්න යයි

    By LFNFebruary 16, 2023No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන මාස දෙක තුළ අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

    එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙළඳ ගිවිසුමක් පුළුල් කිරීම සඳහාද එළඹෙන මාස දෙකක කාලය තුළ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමේ සැලැස්ම ප්‍රධාන කොටසක් උතුරේ තිබෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම තුළ රඳා පවතින බවත් එහිදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීම මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාව වෙත රැගෙන යා හැකි බවත් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ යෝජනාව මීට වසර 10 කට පමණ පෙර ඉදිරිපත් විය.පසුගිය වසරේ ඒ පිළිබඳ සාකච්ඡා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නැවත ආරම්භ කරන ලදි.

    වසර දෙකක හෝ තුනක කාලයක් තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාවට අලෙවි කළ හැකි බව මොරොගොඩ මහතා පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 20260123 Views

    එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික්…

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.