Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    January 31, 2026

    සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

    January 31, 2026

    දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්

    January 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්
    Featured

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    By LFNJanuary 30, 2023No Comments2 Mins Read292 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ” උඹලා වතුර කැපුවාට මදිවට, බිලත්  දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාර වරයාට පා පහරක් එල්ල කර  අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය පවසයි.

    ජල බිල්පත් තොගය බැරලයට දැමීමට පෙර එයින් කීපයක්  ඉරා විසි කර දමා ඇතැයි ද පොලිසිය කියයි.

    සිද්ධියට මුහුණ දී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය  ඉංජිනේරු කාර්යාලයේ ආදායම් සහකාර වරයෙකි.

    ආදායම් සහකාර වරයා අද පෙරවරුවේ ඇරැව්වල ප්‍රදේශයේ  ජල බිල්පත් හිමි නිවාස වලට මෙම මාසයට අදාල බිල්පත් ලබාදීමේ රාජකාරියේ යෙදී සිටියදී පහරදුන් පුද්ගලයාගේ නිවස කරා ගිය අවස්ථාවේ දී ” උඹලා වතුර කැපුවට  බිලක් දෙන්නත් එනවද යකෝ”  ආවේගශීලීව කෑගසමින් පා පහරක් ආදායම් සහකාර වරයාට එල්ල කර ඔහු අත දරා සිටි ජල බිල්පත් තොගය  අඩංගු  ෆයිල් එක උදුරාගෙන , බිල්පත් කීපයක් ඉරා විසිකර  ජල බිල්පත් තොගයම නිවස ඉදිරිපිට තබා තිබූ වතුර පිරවූ ප්ලාස්ටික්   බැරලයක ට ඔබා  බිල්පත් අඩංගු ෆයිල් එකෙන් ද නැවතත් පහර දී තිබූ බව  පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

    2021  වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එම නිවෙස් හිමියා ජල බිල්පත නො ගෙවා තිබූ අතර ඒ හේතුවෙන් ඉකුත් මාසයේදී මාසයේ දී ඔහුගේ  ජල සැපයුම විසන්ධි කර තිබූ බව  ජාතික  ජල සම්පාදන මණ්ඩලයේ  කැස්බෑව ප්‍රාදේශීය  ඉංජිනේරු කාර්යාලයේ   ඉංජිනේරු සහකාර දිලිනි අයේශා මහත්මිය පැවසුවාය

    එම නිවෙස් හිමියා මේ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14000 ඉක්මවන මුදලක් ගෙවිය යුතු බවද  එහි නිලධාරියෙක් කීය.

    ජල සැපයුම විසන්ධි කර තිබුණද  එම පුද්ගලයා අයථා මාර්ගයකින් මේ දක්වා ජලය ලබාගෙන  තිබෙන බවට මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි ඉංජිනේරු සහකාර වරයා ඇතුළු නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව කාර්මික නිලධාරීන් ලවා එයද විසන්ධි කිරීමට එම අවස්ථාවේදීම පියවර ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    January 31, 2026

    සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

    January 31, 2026

    දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    January 31, 20260123 Views

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා…

    සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

    January 31, 2026

    දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්

    January 31, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.