Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්
    Featured

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    By LFNJanuary 30, 2023No Comments2 Mins Read292 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ” උඹලා වතුර කැපුවාට මදිවට, බිලත්  දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාර වරයාට පා පහරක් එල්ල කර  අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය පවසයි.

    ජල බිල්පත් තොගය බැරලයට දැමීමට පෙර එයින් කීපයක්  ඉරා විසි කර දමා ඇතැයි ද පොලිසිය කියයි.

    සිද්ධියට මුහුණ දී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය  ඉංජිනේරු කාර්යාලයේ ආදායම් සහකාර වරයෙකි.

    ආදායම් සහකාර වරයා අද පෙරවරුවේ ඇරැව්වල ප්‍රදේශයේ  ජල බිල්පත් හිමි නිවාස වලට මෙම මාසයට අදාල බිල්පත් ලබාදීමේ රාජකාරියේ යෙදී සිටියදී පහරදුන් පුද්ගලයාගේ නිවස කරා ගිය අවස්ථාවේ දී ” උඹලා වතුර කැපුවට  බිලක් දෙන්නත් එනවද යකෝ”  ආවේගශීලීව කෑගසමින් පා පහරක් ආදායම් සහකාර වරයාට එල්ල කර ඔහු අත දරා සිටි ජල බිල්පත් තොගය  අඩංගු  ෆයිල් එක උදුරාගෙන , බිල්පත් කීපයක් ඉරා විසිකර  ජල බිල්පත් තොගයම නිවස ඉදිරිපිට තබා තිබූ වතුර පිරවූ ප්ලාස්ටික්   බැරලයක ට ඔබා  බිල්පත් අඩංගු ෆයිල් එකෙන් ද නැවතත් පහර දී තිබූ බව  පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

    2021  වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එම නිවෙස් හිමියා ජල බිල්පත නො ගෙවා තිබූ අතර ඒ හේතුවෙන් ඉකුත් මාසයේදී මාසයේ දී ඔහුගේ  ජල සැපයුම විසන්ධි කර තිබූ බව  ජාතික  ජල සම්පාදන මණ්ඩලයේ  කැස්බෑව ප්‍රාදේශීය  ඉංජිනේරු කාර්යාලයේ   ඉංජිනේරු සහකාර දිලිනි අයේශා මහත්මිය පැවසුවාය

    එම නිවෙස් හිමියා මේ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14000 ඉක්මවන මුදලක් ගෙවිය යුතු බවද  එහි නිලධාරියෙක් කීය.

    ජල සැපයුම විසන්ධි කර තිබුණද  එම පුද්ගලයා අයථා මාර්ගයකින් මේ දක්වා ජලය ලබාගෙන  තිබෙන බවට මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි ඉංජිනේරු සහකාර වරයා ඇතුළු නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව කාර්මික නිලධාරීන් ලවා එයද විසන්ධි කිරීමට එම අවස්ථාවේදීම පියවර ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.