Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දියාවෙන් මෙරටට තවදුරටත් සහාය
    Featured

    ඉන්දියාවෙන් මෙරටට තවදුරටත් සහාය

    By LFNJanuary 16, 2023No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රරහාරය පිළිබඳව පැවති නඩුවකින් ලබාදුන් තීන්දුව මගින් ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළිදරව්වී නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව දී තිබෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවකට අදාළව බවයි ඔහු කියන්නේ.
    “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කණ්ඩායම් දෙකක් ඉන්නවා. ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් අගමැතිවරයාත් බුද්ධි අංශයේ ප්‍රධානීන්, පොලිස්පති ඇතුළු කණ්ඩායම් ප්‍රහාරය වළක්වා නොගැනීම සඳහා වගකිවයුතු බව අපි දිගින් දිගට ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ නැහැ. මේ නිසා වින්දිතයන්ගේ පාර්ශ්වයෙන් 11දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා. එම පෙත්සම් විභාග කළ විනිසුරුවරුන් හත්දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ඒකමතිකව තීන්දු කර තිබෙන්නේ වගඋත්තරකරුවන් වගකීම පැහැර හැර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන ආගමික නිදහස උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් තහවුරු වෙනවා. මෙයට පෙරත් මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හත්දෙනෙකු විසින් තීන්දුවක් දී තිබෙනවා.
    මෙම තීන්දුව දී තිබෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවකට අදාළවයි. සාපරාධීව වගකීම් පැහැර හැරීම පිළිබඳව නීතිපතිවරයා ක්‍රියාකරන ආකාරයත් මේ නඩු තීන්දුවත් අපේ නීතිඥ කණ්ඩායම් විසින් අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ තීන්දුව මත ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අපේ ස්ථාවරයයි. නමුත් මෙම තීන්දුවෙන් මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳව හෙළිදරව් වෙන්නේ නැහැ. ඔවුන් පිළිබඳව හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්” බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කියනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 20250115 Views

    සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ. අදාළ…

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.