Ratawata

නීති වි‍රෝධීව මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ 41 ක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 41 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ ‍සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, එම යාත්‍රාව පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2019 මැයි 23 වන දින අළුයම දෙවුන්දරතුඩුව ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 715 ක් දුරින් යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් හතලිස් එක්දෙනෙකු (41) නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු ඇතුලත් අතර, මෙම පිරිසට වසය අවුරුදු 06 ත් 16 ත් අතර ළමුන් 07 දෙනෙකු ද ඇතුලත් වේ.

අනෙක් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 50 ත් අතර වසය් කාණ්ඩවල පසුවන පුද්ගලයන් වන අතර, මෙම පිරිස නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය විමට උත්සහා කළ බව සැක කෙරේ.

නාවික හමුදා විමර්ෂණ කටයුතු සහ වෛද්‍ය පරික්‍ෂණයකින් අනතුරුව මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ආයතන වෙත යොමු කිරීමට නියමිතය.

තවද, රටේ සිදුවු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරවලට ආධර හා අනුබල දුන් අපරාධකරුවන් නීති විරෝධිව රටෙන් සංක්‍රමණයවිම සම්බන්ධයෙන් නාවික හමුදාව දැඩි අවධානයෙන් පසුවන බැවින්, නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් කිසිසේත්ම විදේශගත විමට නොහැකි අතර, ඒ සඳහා උත්සාහ ගන්නා පුද්ගලයින් හට මිනිස් ජාවාරමට හසුවිමෙන් ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතවීමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා ආවේක්‍ෂණ පද්ධතිය හේතුවෙන් මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී සංක්‍රමණ කටයුතු ඇතුළු සියළු නිතී විරෝධී කටයුතු සාර්ථකව මැඩපැවැත්විමට ඉඩ ප්‍රස්ථාව ලැබි ඇති අතර, මෙම වසරේ පමණක් නීති විරෝධී සංක්‍රමණිකයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

More from Ratawata

කපමින් සිටි ගසකට යට වී පුද්ගලයෙකු මරුට

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ගසකට යට වීන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇත. මෙම පුද්ගලයා විසින් ගසක් චෙන්සෝ යන්ත්‍රයක් මඟින් කපමින් සිට ඇති අතර එම ගසෙහිම අත්තකට යට වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මදුරුකැටිය මොනරාගල … read more

කෝටි 2ක හෙරොයින් සමග මොහොමඩ් රොෂාන් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික හෙරොයින් කිලෝ 2.024ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ සවස වැල්ලවත්ත දිසා දූෂණ මර්දනය ඒකකය විසින් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සැකකරු අවුරුදු 34ක් වන අංගොඩ පදිංචි මොහොමඩ් රහීම් මොහොමඩ් … read more

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද දිනයේදී විශේෂයෙන් සවස 2.00න් පමණ පසු උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි … read more

යාපනයේ DIGට නඩු

යාපනයේ විද්‍යා සිසුවිය පැහරගෙන ගොස් අතරවර කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් යාපනය හිටපු ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (24) යාපනය මහාධිකරණය හමුවේ නඩු … read more

ජනපති ගැන අසත්‍ය පුවතක් පළ කර සරසවි සිසුවාට ඇප

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. අදාළ සිසුවා අද (24) කොළඹ … read more

හැටන්-මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ. එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික සහ ලංගම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුළත් කර මගින් නංවා … read more

හක් බෙල්ලන් 2500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ ‍මන්නාරම පොලීසිය එක්ව මන්නාරම් තාරාපුරම් ප්‍රදේශයේදී සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලීසිය පවසයි. තාරපුරම් මංසන්ධියේ යොදා ඇති මාර්ග බාධකය අසලදි කැබ් රථයක් පරික්‍ෂා කර ඇති … read more

ගංජා කිලෝ 93ක් සමඟ බස් රථ රියදුරෙක් අත්අඩංගුවට

මන්නාරම පොලිස් වසමේ තිරිකේදීස්වරන් හන්දියේදී ගංජා කිලෝ ග්‍රෑම් 93 යි ග්‍රෑම් 70ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුද්ගලික බස් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සමඟ බස් රථයේ රියදුරු හා බස් රථය … read more

යතුරු පැදියක ගැටීමෙන් අහිමි වු ජීවිතයක්

බලංගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇත. බලංගොඩ පොලිස් වසමේ බලංගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේ දි බලංගොඩ දෙසට ධාවනය වු යතුරු පැදියක මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. … read more