අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ගනු ලබන ඉදිරි හමුදා ක්‍රියාමාර්ග අත්හිටුවීම සඳහා සකස් කළ යෝජනාවක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (US House of Representatives) විසින් සම්මත කර තිබේ.
මෙය ජනාධිපතිවරයාගේ යුද ප්‍රතිපත්තියට එල්ල වූ දැඩි දේශපාලන බලපෑමක් ලෙස සැලකේ.
පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වූ මෙම ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරිය වෙත තම අකමැත්ත ප්‍රකාශ කරමින්, රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්විය.
ඒ අනුව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 215ක් සහ විපක්ෂව ඡන්ද 208ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.
කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන යුද බලතල පාලනය කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ගත් සිව්වන උත්සාහය මෙයයි.
