Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
    Local News

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

    By LFNJune 3, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබේ.

    බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව, කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.

    ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාව බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීම සහ එම නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව විමර්ශනයකදී අනාවරණය වූ බවය.

    කෙසේවෙතත්, ඇඟලුම් සහ රෙදිපිළි ආනයන සඳහා අඩු බදු අනුපාත යටතේ යම් ප්‍රමාණයක් අමෙරිකානු වෙළෙඳපොළට ඇතුළත් කිරීමට ඉඩ සලසන විශේෂ යාන්ත්‍රණයක් ද යෝජනා කර ඇති අතර, ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

    මෙම යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ජූලි 6 වැනිදා දක්වා භාරගන්නා අතර, ජූලි 7 වැනිදා ඒ පිළිබඳ මහජන විභාගයක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.