Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රෝහලෙන් පැනගිය හැටන් ද්විත්ව ඝාතන සැකකරු වතුයායේ සැඟව සිටියදී යළි කොටුවෙයි
    Local News

    රෝහලෙන් පැනගිය හැටන් ද්විත්ව ඝාතන සැකකරු වතුයායේ සැඟව සිටියදී යළි කොටුවෙයි

    By LFNMay 27, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ජාතික ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයෙන් සූක්ෂ්ම ලෙස පැනගිය හැටන් දික්ඔය ද්විත්ව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු, පැය කිහිපයක් ඇතුළත බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැඟව සිටියදී යළි අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

    සැකකරු පැනගිය වහාම ක්‍රියාත්මක වූ බගවන්තලාව සහ හැටන් පොලිස් කණ්ඩායම්, දැඩි මෙහෙයුමකින් අනතුරුව ඔහුව කොටුකරගත් අතර, අනතුරුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජූනි මස 03 වනදා දක්වා ඔහුව නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළේය.

    තම බිරිඳගේ බලපෑම් මත මෙම අපරාධය සිදුකළ බව පවසා ඇති සැකකරු, රෝහලෙන් පැනගොස් ඇත්තේ ඇයගෙන් පළිගැනීමේ දැඩි චේතනාවෙනි. බන්ධනාගාරයෙන් නිදහස් වූ සැණින් සිය බිරිඳව ඝාතනය කරන බවට මීට පෙර පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබූ බැවින්, සැකකරු පැනගිය වහාම ඔහුගේ බිරිඳගේ ජීවිතයට එල්ලවූ බරපතළ අවදානම සැලකිල්ලට ගත් බගවන්තලාව පොලිසිය ඇයට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කළේය.

    සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ ප්‍රදේශයේ පැවති දැඩි නොසන්සුන්කාරී සහ බියජනක වාතාවරණය මේ වන විට පහව ගොස් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

    May 27, 2026

    බොරතෙල් මිල පහළට

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 202600 Views

    ව්‍යාජ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවලට උකස් කර මුදල් වංචා කළ සැකකරුවෙකු රක්වාන පොලීසිය විසින් අත්අඩංගුවට…

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026

    අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

    May 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.