Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස
    International

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    By LFNMay 11, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටි තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වන තක්සින් ෂිනවත්‍රාට නිදහස හිමිව තිබේ.

    බන්ධනාගාරයෙන් පිටතට පැමිණි තක්සින් ඔහුගේ දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින් සමග සිය සතුට සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    ඔහුට නිදහස හිමිවන බව සැලවීමත් සමඟ පක්ෂ ආධාරකරුවන් ද බන්ධනාගාරයට පැමිණ ප්‍රීති ඝෝෂා පවත්වා ඇති බව සඳහන්.

    76 හැවිරිදි තක්සින් ෂිනවත්‍රා 2001 වසරේ සිට 2006 වසර දක්වා අග්‍රාමාත්‍ය ධූරය හොබවනු ලැබීය.

    ඔහුගේ ධූර කාලය අතර ඇති වු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට වසර 08ක සිර දඬුවමක් නියම වී තිබුණි.

    කෙසේවෙතත් එරට රජු විසින් එම සිර දඬුවම් කාලය වසරකට අඩු කිරීමට කටයුතු කළ නමුත් ඔහු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

    පසුව හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත්‍රා මාස 06ක කාලයක් රෝහලේ විශේෂ අමුත්තන් සඳහා වෙන් වූ කාමරයක ගත කර තිබු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    කෙසේවෙතත් ඔහුගේ යහපත් හැසිරීම සහ වයස සැලකිල්ලට ගනිමින් ඔහුට නිදහස ප්‍රධානය කිරීමට එරට අධිකරණ අමාත්‍යංශය පසුගිය මාසයේ එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව ඔහු වසරක සිර දඩුවම් කාලය මාස 08කට අඩුකරමින් මෙලෙස නිදහස හිමිව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.