Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»“ආටෙමිස් 2” ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතයි
    International

    “ආටෙමිස් 2” ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතයි

    By LFNApril 10, 2026No Comments2 Mins Read79 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “ආටෙමිස් 2” මෙහෙයුම අවසන් කර පෘතුවිවියේ වායුගෝලයට ගිනිබෝලයක් වී නැවත ඇතුළුවීමට සූදානම් වන ගගනගාමීහු සිවුදෙනා අභ්‍යවාකාශයේ සිට ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් ඇමැතූහ.

    එහිදී ඔවුන් සිවුදෙනා “ආටෙමිස් 2” මෙහෙයුම පිළිබඳව සිය හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය. පසුගිය සතියේ, ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් ඔරියන් කැප්සියුලයේ නැගී ගමන් ආරම්භ කළ ගගනගාමීන් මෙම සතිය මුලදී සඳ වෙත ළඟා වූ අතර අද (10) නැවතත් දකුණු කැලිෆෝනියා වෙරළට ගොඩබෑමට නියමිතය.

    “ආටෙමිස් 2” මෙහෙයුමේ නිරත ගගනගාමීන් සිව්දෙනාට, මින් පෙර පැවති ඇපලෝ වාර්තා බිඳ දමමින් මිනිසෙකු පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය සඳහා වන නව ලෝක වාර්තාවට හිමිකම් කීමටද හැකියාව ලැබිණි. නැවත පෘථිවියට පැමිණෙන ගමෙන්දී පැයට කිලෝමීටර 38,365 ක් දක්වා වූ වේගයකින් ඔරියන් කැප්සියුලය පෘතුවි වායුගෝලයට ඇතුළු වනු ඇති අතර එය “ආටෙමිස් 2” මෙහෙයුමේ දැඩි අවදානමක් සහිත අවස්ථාවකි.

    එහිදී ඔරියන් කැප්සියුලයේ තාපයට ඔරොත්තු දීමේ හැකියාව පරික්ෂාවට ලක් කෙරෙනු ඇත. “ආටෙමිස් 2” මෙහෙයුමේ නියමු වික්ටර් ග්ලෝවර් මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පසුගිය 3 වැනිදා සිට නැවත පෘතුවි වායුගෝලයට ඇතුළුවන දිනය සම්බන්ධයෙන් තමන් සිතමින් සිටි බවයි. වායුගෝලය හරහා ගිනිබෝලයක ගමන් කිරීම ගැඹුරු අත්දැකීමක් වනු ඇති බවද ඔහු පැවැසුවේය.

    ග්ලෝවර්, නාසා ආයතනයේ සෙසු අභ්‍යවකාශගාමීන් වන රීඩ් වයිස්මන් සහ ක්‍රිස්ටිනා කොච් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් යනු ආටෙමිස් වැඩසටහන යටතේ සඳ බලා ගමන් කරන පළමු ගගනගාමීන් කණ්ඩායම වේ. ආටෙමිස් වැඩසටහන යටතේ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මකවන අතර එහි පිරිවැය ඩොලර් බිලියන ගණනකි.

    එහි ඉලක්කය වී ඇත්තේ 2028 වසර වනවිට චීනයට ප්‍රථමයෙන් ගගනගාමින් පිරිසකට සඳ මත පය තැබීමට අවස්ථාව ලබා දීමය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.