Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන බස් රියදුරන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ
    Featured

    මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන බස් රියදුරන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ

    By LFNJanuary 23, 2026No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයින් හඳුනා ගැනීම සඳහා පසුගිය 21 වැනිදා ආරම්භ කළ ජංගම රසායනාගාරය මගින් පරීක්ෂා කළ බස් රියදුරන් 56 දෙනෙකුගෙන් 10 දෙනෙකුම විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    පසුගිය 21 වැනිදා මෙම ජංගම රසායනාගාර පරීක්ෂාව කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළේදී ආරම්භ වූ අතර එහිදී අහඹු ලෙස තෝරාගත් රියදුරන් 56 දෙනා අතුරින් 10 දෙනෙකු මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිව තිබේ.

    මෙලෙස හඳුනාගත් බස් රියදුරන් 10 දෙනා අයිස්, හෙරොයින්, ගංජා යන විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මූලික මුත්‍රා සාම්පළ පරීක්ෂාවේදී තහවුරු වූ බවත් ඒ අනුව අදාළ රියදුරන් ඉදිරි නෛතික කටයුතු සඳහා යොමු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා පැවසුවේ අහඹු ලෙස තෝරාගන පරීක්ෂා කළ මෙම මෙහෙයුම මගින් බස් රථ රියදුරන් 10 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළි වීම සංකීර්ණ තත්ත්වයක් බවය.

    තවද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රියදුරන් විවිධ සන්නිවේදන ක්‍රමවේද භාවිත කරමින් මාර්ග මගහැර පරීක්ෂණවලට භාජනය වීමෙන් වැළකීමට උත්සාහ දැරීම නිරීක්ෂණය වූ බවත් ඒ හේතුවෙන් බස් හිමියන් සහ ජනතාව වැඩි අවධානයක් ලබා දෙමින් මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කිරීමට දායකත්වය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම බස්නාහිර පළාත තුළ ආරම්භ කළ මෙම පරීක්ෂා කිරීම ඉදිරියේදී දිවයින පුරා පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ නිරන්තරයෙන් මෙම වැටලීම් සිදුකරන බවත් වැටලීම් ප්‍රමාණාත්මකව වැඩි කිරීමටද කටයුතු කරන බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.