Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»16 හැවිරිදි තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් 3ක් අත්අඩංගුවට
    Featured

    16 හැවිරිදි තරුණියකට වෙඩි වැදුණු සිද්ධියේ තවත් සැකකරුවන් 3ක් අත්අඩංගුවට

    By LFNJanuary 16, 2026No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොහුවල බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඉකුත් 30 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය හා මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශන ආරම්භ කර තිබුණි.

    ඒ අනුව මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දෙමටගොඩ හා වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

    සැකකරුවන් අවුරුදු 27, 32 හා 35 යන වයස්වල පසුවන කොළඹ 09 හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

    මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම අපරාධය සිදුකිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබාදී ආධාර අනුබල දුන් 32 හැවිරිදි සැකකරවෙකු පසුගිය 6 වනදා බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    තවද ජනවාරි 3 වනදා දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අපරාධයට අදාළ යතුරුපැදියේ පැදිකරු, ගිනිඅවිය භාරව කටයුතු කළ සැකකරු, ගිනි අවි ප්‍රවාහනය කළ සැකකරු හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකි.

    ඔවුන් 25, 28, 33 හා 45 වයස්වල පසුවන පුද්ගලයින් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.