Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයක්
    Featured

    ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයක්

    By LFNJanuary 6, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර, ගින්නට හසුවී එම පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.

    ගින්නෙන් 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    පියා නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණ තිබේ.

    පසුව මව සහ සහෝදරියන් බේරාගැනීමට යෑමේ දී 20 හැවිරිදි පුත්‍රයා ද පිළිස්සුම් තුවාල ලබා ඇත.

    ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිතර මත්පැන් පානය කර බිරිඳට පහරදීම් සිදුකරන බවත් ඔවුන් අතර පවතින ආරවුල් හේතුවෙන් අවස්ථා කිහිපයකදී ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි සිදුකර දෙපාර්ශ්වයට අවවාද කර ඇති බවටත් තොරතුරු අනාවරණය වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.