Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්
    Featured

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    By LFNDecember 25, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ඖෂධවල ප්‍රමිතිය පවත්වාගෙන යෑමේ ක්‍රියාවලිය පුළුල් කිරීමේදී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳ මූලික අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නියෝජිතයින් එම සාකච්ඡාවට එක්වී ඇත.

    රසායනාගාර තුළ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු පරිමාවන් ඉහළ නැංවීම මෙන්ම ලබාදෙන ඖෂධ තත්ත්ව පරීක්ෂණ වාර්තා පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැනනගින ගැටලු සහ අධීක්ෂණය කළ යුතු කරුණු යනාදිය පිළිබඳ මෙහිදී තවදුරටත් සාකච්ඡා වී ඇත.

    ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාරය තුළින් සිදුකර ගැනීමේදී යම් සීමාවන් පවතින බවට නිරීක්ෂණය වන බැවින් ඉදිරියේදී එම කටයුතු තවදුරටත් විධිමත් සහ පුළුල් වැඩසටහනක් ලෙස ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය වන බව එහිදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

    ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් රජය යටතේ පවතින ආයතන හරහා එම කටයුතු යම් ආකාරයකින් සිදු කරගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    එමෙන්ම ඖෂධ සැපයුම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි ගැටලු සහගත ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙලේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.