Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි
    Featured

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    By LFNDecember 19, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 29,649ක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යංශය විසින් ආපදාවට ලක් වූ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරිකයින් නැවත නඟාසිටුවීමේ අරමුණින් පසුගිය (16) දක්වා සිදු කෙරුන දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයට අනුව මෙම සංඛ්‍යාව ලියාපදිංචි වී තිබුණි.

    දැනට ලියාපදිංචි වී ඇති නිෂ්පාදන කර්මාන්ත ශාලා හා ව්‍යාපාරික ස්ථාන අතරින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන් 9,628ක් සඳහා ප්‍රමුඛතාවය ලබාදී කඩිනම් ණය පහසුකම් ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව එම කර්මාන්තකරුවන්ට රුපියල් ලක්ෂ 2ක ණය සහනාධාරයක් සහ සියයට 3% පොලී අනුපාතය යටතේ ව්‍යාපාරික ණය යෝජනා කිහිපයක්ම එම අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත.

    මෙහිදී අපනයන නිෂ්පාදන කර්මාන්තශාලා පවත්වාගෙන යන ව්‍යවසායකයින් සඳහා ලබන 31 වෙනිදාට පෙර රජයේ බැංකු 3ක් හරහා කඩිනම් ණය යෝජනා ක්‍රම දැනට ආරම්භ කර ඇති අතර ලබන වසරේ ජනවාරි සිට පෞද්ගලික බැංකු හරහාද මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාවය පළකර තිබේ.

    මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති අනෙකුත් නිෂ්පාදන හා ව්‍යාපාරික ස්ථාන 20,223 සම්බන්ධයෙන් එයට මූලිකත්වය ගෙන කටයුතු කරන අදාළ අමාත්‍යංශ වෙත යොමු කිරීමට පියවර ගන්නා බව එම අමාත්‍යංශය අවධාරණය කළේය.

    මෙහිදී වැඩිම හානියක් සිදුව ඇත්තේ පුත්තලම, ගම්පහ, කොළඹ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, බදුල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි නිෂ්පාදන කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථානවලටය.

    ඉකුත් (16) වෙනිදායින් අවසන් වූ ආපදාවට ලක්වූවන් ලියා පදිංචියට අනුව මහා පරිමාණ අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා 861ක්ද, මධ්‍යම පරිමාණ 8,664ක්ද,කුඩා පරිමාණ 12,300ක්ද, සුළු පරිමාණ 9,844ක්ද වශයෙන් හානි සිදු වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.