Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න
    Featured

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    By LFNDecember 19, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම තත්ත්වය සමඟ උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවය.

    නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කළ බවද වසන්ත සේනාධීර මහතා පැවසීය.

    තවද නුවරඑළියට බලපෑ වැසි තත්ත්වය සමඟ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇතැයි ද පැවසු ඒ මහතා මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී ඇතැයි පැවසීය.

    තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳ විස්තරයක් මෙතෙක් ලැබී නොමැති බවද පැවසු ඒ මහතා, අද දිනයේදීත් වැසි ලැබීමට නියමිත බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ජීවිත ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

    මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ, මේ දිනවල ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මධ්‍යම පළාතට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

    කෙසේවෙතත් නැවත වතාවක් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සුදානමින් සිටින බවද පැවසු ඒ මහතා, නායයෑම් ලක්ෂණ ඇති කඳුකරයේ ජීවත් වෙන ජනතාව අනතුරුදායක ස්ථානයන්ගෙන් වහාම ඉවත් වෙන ලෙස ද ඉල්ලා සිටියේය.

    මේ අතර, වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, පැවති අධික වර්ෂාව සමඟ මහවැලි ගංගා ද්‍රෝණියේ මනම්පිටිය ප්‍රදේශයේ මේ වන විට ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයකට වඩා වැඩි මට්ටමක පවතින බවය.

    කෙසේවෙතත් එම ගංවතුර තත්ත්වය මත ත්‍රිකුණාමලය දක්වා වූ පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවීමේ හැකියාව ඇති බවත් සෝමාවතිය ප්‍රවේශ මාර්ගය මේ වනවිටත් ජලයෙන් යට වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මල්වතු ඔය තන්තිරිමලේ ජලමට්ටම මේ වනවිට සුළු ගංවතුර මට්ටමකට පැමිණ තිබුණත් ජලය වැඩිවීමක් තවදුරටත් සිදුනොවන බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

    මේ අතර ප්‍රධාන ජලාශ 73න් මේ වනවිට ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් ඇති බවද පැවසු ඒ මහතා, මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 48ක් මේ වනවිට වාන් දමන බවත් එම කිසිදු ජලාශයක අනතුරුදායක ජලය නිදහස් කිරීමක් සිදුනොවන බවද පැවසීය.

    එමෙන්ම පවතින වැසි තත්ත්වය තුළ ක්ෂණි වතුර මතුවීම් හෝ ජලාශ අවට එවැනි වෙනස්කම් පවතින්නේ නම්, ඒ පිළිබඳ හැකි ඉක්මනින් අදාළ බලධාරීන් දැනුවත් කිරීම සියලුදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමක් බවද එල්.එස්. සූරියබණ්ඩාර කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.