Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්
    Featured

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    By LFNDecember 18, 2025No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ හරහා දැනුම්දීම් සිදුනොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ඉල්ලීමක් කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැහැදිලි කළේ ආපදා තත්ත්වය හමුවේ දෙමාපියන් සහ භාරකරුවන් අහිමි වූ ඇතැම් ළමුන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

    එම දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් දෙයක් කිරීමට අවශ්‍ය නම් නීත්‍යානූකූල ලෙස අදාළ රජ්‍ය ආයතන ඔස්සේ හෝ පොලීසිය හරහා තොරතුරු ලබා ගත හැකි බවද ඒ මහතා පවසයි.

    එසේ නොමැතිව සද්භාවයෙන් වුවත් අනීතික ලෙස කටයුතු කර ඇති බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    “මෙම ආපදා තත්ත්වයෙන් පසුව අපේ පුංචි දුවා දරුවෝ අනාරක්ෂිත තත්ත්වයට පත් වුණ අවස්ථා අපිට වාර්තා වෙලා තියෙනවා. දෙමාපියන්, වැඩිහිටියන්, භාරකරුවන් අහිමි වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී අතැම් ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය හරහා මේ පුංචි දුවා දරුවන්ගේ විස්තර ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බවට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට වාර්තා වෙලා තියෙනවා. ඉල්ලා සිටිනවා යම් කිසි කෙනෙකුට ළමයෙකුගේ හෝ මේ ආපදාවට පත් වෙච්ච දුවා දරුවෙකුගේ තොරතුරු අවශ්‍ය නම් ඔබ ක්‍රියා කළ යුත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා හෝ ළඟම තිබෙන පොලීසියකින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ ග්‍රාම සේවක මහත්ම මහත්මීන්ගෙන් මේ පිළිබඳ විස්තර ලබා ගැනීම මිස ඔබ සමාජ මාධ්‍ය හරහා යම් කිසි දුරකථන අංකයක් හරහා තොරතුරු ලබා ගැනීම යම්කිසි වරදකට වරදකරුවෙකු වෙනවා. ඇතැම් මහජනතාව මේ දරුවන්ව ආරක්ෂා කරන්නට හෝ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන්නට ඔහු හෝ ඇයව සුරක්ෂිත කරන්නට මේ ගනු ලබන උත්සහයන් විටකදී අපයෝජනයක් වෙන්න පුළුවන්. විටකදී සමාජ විරෝධි හෝ අනීතික වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ සද්භාවයෙන් යම් කිසි අවස්ථාවක ප්‍රවේශ වන්නේ නම් ඔබට පුළුවන් ළඟම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා මේ පිළිබඳ තොරතුරක් ලබා ගන්නට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.