Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිදු වූ හානි පිළිබඳ දත්ත එක්රැස් කරන්න ප්‍රධාන ආයතන දෙකක සහාය
    Featured

    සිදු වූ හානි පිළිබඳ දත්ත එක්රැස් කරන්න ප්‍රධාන ආයතන දෙකක සහාය

    By LFNDecember 11, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ එම දත්ත සහ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෙසු ආයතන සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට කටයුතු කරන බවය.

    එම දත්ත සහ තොරතුරු අදාළ ස්ථානවලට ගොස් වඩාත් නිවැරදිව ලබාගැනීමට කටයුතු කරන බවද, එය කඩිනම් කර ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තාකරණයටද සැලසුම් කර ඇති බවද සඳහන් කළ සූරියප්පෙරුම මහතා, ඒ සඳහා වන තොරතුරු පද්ධතිය MillenniumIT ESP ආයතනය නොමිලයේම සකස් කර දී ඇති බවත්, ඊට අවශ්‍ය සහාය Microsoft ආයතනයෙන් ලබා දී ඇති බවත් පවසයි.

    එසේම, Rebuilding Sri Lanka වැඩසටහන වෙනුවෙන් රටවල් ගණනාවකින් මූල්‍යමය වශයෙන් සහ භාණ්ඩ වශයෙන් ආධාර රැසක් ලබා දී ඇතැයිද තවදුරටත් ආධාර ලැබෙමින් පවතින බවද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලබා දුන් තොරතුරු අනුව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, මාලදිවයින, අම‍ෙරිකා එක්සත් ජනපදය, නේපාලය, ස්විට්සර්ලන්තය, කැනඩාව, අයර්ලන්තය, කොරියාව ආදී රටවල් මෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව මෙසේ මූල්‍ය ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඒ මහතා පවසයි.

    එසේම ව්‍යසනය සිදු වූ වහාම ඉන්දියාව, පාකිස්තානය වැනි රාජ්‍යයන් භාණ්ඩමය ආධාර ලබා දුන් අතර මාලදිවයින, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ කටාර් ආදී රටවල් රැසක් භාණ්ඩමය ආධාර ලබා දී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.