Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කිරීමට IMF සැරසෙයි
    Featured

    සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කිරීමට IMF සැරසෙයි

    By LFNDecember 5, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට පුරා ජීවිත බිලිගෙන, දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානමින් පසුවේ.

    මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් IMFහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව පැවසීය.

    ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය.

    “සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව තිබේ. එම පදනම මත මිනිස් ජීවිත හානිවලට අමතරව ආර්ථික ක්‍රියාකාරකම්වලටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අපි අපේක්ෂා කරනවා” ලෙසින් එහිදී ඇය සඳහන් කළාය.

    ශ්‍රී ලංකාව දැනට එහි හවුල්කරුවන් සමග එක්ව කඩිනම් පශ්චාත් ආපදා හානි තක්සේරුවක් සිදු කරමින් සිටී.

    මෙම තක්සේරුව අවසන් වූ පසු ආර්ථික ඇඟවුම් පිළිබඳ පැහැදිලි බවත් ලැබෙනු ඇතැයි ඇය පවසයි.

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධයෙන් කොසැක් මහත්මිය තහවුරු කළේ, මෙරට ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහායවීමට IMF කැපවී සිටින බවය.

    “EFF ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිමත් වීම, ප්‍රතිසංස්කරණය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අපි අඛණ්ඩව සහාය දක්වනවා” ලෙසින් ද එහිදී වැඩිදුරටත් ඇය පැවසීය.

    සුළි කුණාටුවට පෙර පසුගිය ඔක්තෝබර් මාසයේ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ IMF කාර්ය මණ්ඩලය දැනටමත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බව එහිදී ඇය අවධාරණය කළාය.

    එමෙන්ම ඇය පැවසුවේ IMF කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම සඳහා විකල්ප සොයා බලමින් සිටින බවත්, දෙසැම්බර් 15වනදා IMF මණ්ඩල රැස්වීම පැවැත්වීමේ අපේක්ෂාවෙන් සිටින බවත්ය.

    ආර්ථික අවශ්‍යතා සහ හා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.