Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ – මහනුවර – බදුල්ල සහ කෑගල්ලට ගෑස් බෙදන්න අවහිරතා
    Featured

    කොළඹ – මහනුවර – බදුල්ල සහ කෑගල්ලට ගෑස් බෙදන්න අවහිරතා

    By LFNDecember 3, 2025Updated:December 3, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ සිදුවු ආපදා හේතුවෙන් කොළඹ, බදුල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 48ක් සඳහා ගෑස් බෙදාහැරීමට බාධා ඇති ව තිබේ.

    මේ අතර, එම ප්‍රදේශවල පැවති මාර්ග අවහිරතා හේතුවෙන් මෙම බාධාව හට ගෙන ඇති අතර, එම අවහිරතා පිළිසකර කර කඩිනමින් ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි.

    දිවයිනේ සියලූම ප්‍රදේශවලට අඛන්ඩව LP ගෑස් ලබාදීම, ලිට්‍රෝ ගෑස් සමාගම විසින් තහවුරු කර ඇති බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ඒ අනුව සාමාන්‍ය දිනයකදී දිනකට සපයන ගෑස් සිලින්ඩර් 75,000ක ප්‍රමාණය අද දින වන විට 91,000 දක්වා වැඩි කරමින් පෙර දිනවල පැවති අඩුපාඩු මඟහරවා ගැනීමට කටයුතු යොදා ඇත.

    බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මණ්ඩලයට යථාවත් කර ගැනීමට අපහසු තත්ත්වයේ වූ ජල සම්පාදන ක්‍රම 5ක් මාර්ග සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව පිළිසකර කිරීමට කටයුතු යොදා ඇත.

    දිවයින පුරා සමස්ථ ජල සම්පාදන ගෘහස්ථ සම්බන්ධතා 2,947,833ක් අතුරින් තවදුරටත් 387,964ක් පිළිසකර කිරීම සඳහා පියවර ගැනෙමින් පවතින අතර, මහනුවර දිස්ත්‍රික්කයේ 66.8%, කෑගල්ල දිස්ත්‍රික්කයේ75.09% , කුරුණෑගල 41.34%, පුත්තලම දිස්ත්‍රික්කයේ 52.82% ක් ඒ අතර වේ.

    දිවයිනේ දුරකථන සන්නිවේදන මාර්ග පිළිබඳව සිදුකරන ලද ආපදා තක්සේරුව මඟින් 20%ක දුරකථන සන්නිවේදන අවහිරතාවයක් පවතින බව හඳුනාගත් අතර මින් වැඩිම ප්‍රමාණය පුත්තලම දිස්ත්‍රික්කය සහ අම්පාර දිස්ත්‍රික්කවල වේ.

    එම ප්‍රදේශවල විදුලි සම්බන්ධතාවයන් නැවත පනගැන්වූ වහාම සාමාන්‍ය තත්වයට පත් කිරීමට කටයුතු යෙදේ.

    එමෙන්ම මින් ඉදිරියේදී සන්නිවේදන සම්ප්‍රේෂණය, විදුලිය බිඳ වැටීමකදී අඩාල නොවන ආකාරයට අදාළ තාක්ෂණික විකල්පයන් වහා හඳුන්වා දිය යුතු බව හඳුනාගෙන ඇති අතර ඒ සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අවධානයට යොමු කර ඇත.

    මීට අමතරව, තවදුරටත් ආහාරපාන සපයා ගැනීමට අසීරු, ගොඩබිම් ප්‍රවේශ අවහිර වී ඇති ස්ථාන වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබා ගනිමින් ආපදාවට ලක්වූවන්ට ආහාරපාන ලබා දීමට කටයුතු යොදා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.