Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්
    Featured

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    By LFNNovember 5, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    මහ බැංකු නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළකළේය.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා – “මහ බැංකු අධිපතිතුමනි, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු ප්‍රශ්නයක් යොමුකළ විට මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, උදාහරණයක් විදිහට උද්ධමනය හෝ විනිමය අනුපාත පිළිබඳව සාමාන්‍යයෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ ? මක්නිසාදයත් පාර්ලිමේන්තුව තුළ මහ බැංකුවේ නියෝජනයක් නැහැ.”

    මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා – “මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් යොමුකළ විට එය ඍජුවම යොමුවන්නේ මුදල් අමාත්‍යවරයාට. එවිට ඔවුන් ඒ සඳහා සමහර අවස්ථාවලදී අප සමග සම්බන්ධ වනවා. අදාළ ප්‍රශ්නයට පිළිතුර හෙට දිනයේදී අවශ්‍යනම් අපිට එය ලැබෙන්නේ අද. අපි කෙසේ හෝ එම පිළිතුරු ලබාදීමට පියවර ගන්නවා. අනතුරුව එය යොමුකරනවා මුදල් අමාත්‍යවරයාට. එයයි ක්‍රමවේදය. මට සහතික වෙන්න පුළුවන් මුදල් අමාත්‍යවරයා හරහා මහ බැංකුවට ලැබෙන සියලුම ප්‍රශ්නවලට අපි පිළිතුරු යොමුකරනවා නියමිත වේලාවට. නමුත් එය ක්‍රියාවලිය නිසි වේලාවට සිදුවන්නේ නැහැ. ඇතැම් ප්‍රශ්න මහ බැංකුවට පමණක් අදාළ වන්නේ නැහැ. එම ප්‍රශ්න මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අදාළ වනවා. මුදල් අමාත්‍යවරයා ඒ සියලු ආයතනවලින් ලබාගන්නා පිළිතුරු එකතු කර, වාර්තාවක් සම්පාදනය කර අදාළ අමාත්‍යවරයාට ලබා දෙනවා. අපිට ආරාධනා කරනවානම් අපිට ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිළිතුරු සැපයීමට.”

    Most

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.