Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගතවූ පැය 24ට රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට
    Featured

    ගතවූ පැය 24ට රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට

    By LFNNovember 5, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (04) මෙම අනතුරු සිදුව තිබුණේ වැල්ලම්පිටිය, කටුවන, වෙරළබඩ සහ තංගල්ල පොලිස් වසම්වලදීය.

    තොටළඟ අඹතලේ මාර්ගයේ කිත්තම්පහුව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, කිත්තම්පහුව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර වලස්මුල්ල – මිද්දෙණිය මාර්ගයේ තිරුවානාබොරැල්ල ප්‍රදේශයේ වංගුව අසලදී මඟී ප්‍රවාහන බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, හිඳකරල්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර වෙරළබඩ පොලිස් වසමේ කොළඹ වරාය පරිශ්‍රයේ වයි හන්දිය අසලදී කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඉදිරියෙන් ගමන් කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කොළඹ – වැල්ලවාය මාර්ගයේ මොරකැටිආර ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, කොස්වත්ත, සීනිමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.