Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ
    Featured

    ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

    By LFNNovember 5, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි ස්ථිර විසඳුමක් සඳහා රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා‘ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා’යන මාතෘකාව යටතේ ANI පුවත් ඒජන්සිය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.

    එහිදී ඔහු පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පවතින බවත්, ඒවට යටත්ව ජාත්‍යන්තර නීති සහ රෙගුලාසි අනුව ගරු කරමින් දෙපාර්ශවයම එකමුතුව අදාළ නීති සකස් කරගත යුතු බවත්ය.

    එමෙන්ම නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා අදාළ නීතිමය නියමයන්ට අනුකූලව එම ගැටලු විසඳාගැනීමට දෙරටම සහතික වීම වැදගත් බවද ඔහු පවසා තිබේ.

    ධීවරයින්ගේ ජීවනෝපායික ගැටලු තිබෙන බව පිළිගන්නා නමුත්, ආදායම් උත්පාදන ක්‍රියාවලිය නීතියානුකූල විය යුතු බවට රජයන් දෙකම සහතික විය යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැහැදිලි කර ඇත.

    “ස්ථිර නීති රාමුවක් නොමැතිව ක්‍රියාත්මක වීමට වඩා, දෙපාර්ශ්වයම කල් පවතින විසඳුමක් සඳහා එකට වැඩ කළ යුතුයි” යනුවෙන් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

    එමෙන්ම කච්චතිව් දූපත අසල ශ්‍රී ලංකා මුහුදු සීමාවට තමිල්නාඩු ධීවරයින් ඇතුළු වීම සම්බන්ධයෙන් දෙරට අතර අඛණ්ඩ ගැටලු පවතින බවත්, බොහෝ විට අත්අඩංගුවට ගැනීම් සහ සමුද්‍රීය මායිම් සම්බන්ධයෙන් ආරවුල් ඇති කරන බවත් ඔහු පවසා ඇත.

    මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගියදා සිදුකළ ඉන්දීය සංචාරයේ දී කතාබහට ලක් වූ කරුණු ද මෙම සාකච්ඡාවේ දී ANI පුවත් ඒජන්සිය විසින් උපුටා දක්වා තිබුණි.

    ඔවුන් සඳහන්කර තිබුණේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර සිදු වූ හමුවේ දී මෙම ගැටලුව ‘සංවේදී ගැටලුවක්’ ලෙස පවසා තිබූ බවය.

    ඒ අනුව මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සොයා ගැනීම සඳහා දීර්ඝ ලෙස දෙරට අතර සාකච්ඡා සිදුකරන බව පවසා තිබේ.

    මෙම ධීවර ගැටලුව ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවල දැඩි මතභේදාත්මක අංගයක් ලෙස පවතී.

    පෝක් සමුද්‍ර සන්ධියේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව වෙන් කරන පටු ජල තීරුව දෙරටේම ධීවරයින් සඳහා පොහොසත් ධීවර භූමියක් ලෙස සැලකේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.