Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි
    Featured

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    By LFNSeptember 11, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 28 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි නිකුත් කර තිබේ.

    පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    මෙම පෙත්සම අද (11) ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට තුළ ඉඩම් කළමනාකරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීම නිසා ගැටලු රාශියක් උද්ගත වී තිබෙන බව පෙන්වා දී ඇත.

    මෙරට තුළ කෘෂිකාර්මික කටයුතු, වනාන්තර, වගුරු බිම්, ජනාවාස යනාදී අංශ සඳහා වෙන් කළයුතු ඉඩම් මෙන්ම ඒවායේ සීමාවන් නිසි පරිදි හඳුනාගෙන වෙන්කර නොමැතිවීම නිසා පාරිසරික මෙන්ම අනෙකුත් අර්බුද රාශියක් මතු වී තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.

    ඒ නිසා මෙරට ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වී තිබෙන බව නීතිඥවරයා පෙන්වා දී ඇත.

    දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන ඉඩම් වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් විධිමත් ඉඩම් කළමනාකරණ සැලැස්මක් නොමැතිවීම හේතුවෙන් නිසි ඵලදායිතා ඉලක්කවලට ළඟාවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුමඬුල්ල මෙම සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පාර්ශ්ව කීපයකට නොවැම්බර් මස 28 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.