Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි
    Featured

    මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

    By LFNSeptember 3, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 06කින් අවුරුදු 08 කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (02) එම අනතුරු සිදුව තිබුණේ පොල්ගහවෙල, රත්නපුර, කටුනායක, එරාවුර්, කුලියාපිටිය සහ හලාවත පොලිස් වසම්වලින්ය.

    කුලියාපිටිය – හෙටිටිපොළ මාර්ගයේ, ගොමුගමුව මංසන්දිය ආසන්නයේදී හෙට්ටිපොළ දෙස සිට පැමිණි ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදි දෙකක ගැටී තිබුණි.

    සිද්ධියෙන් යතුරුපැදි දෙකේ සිටි පුද්ගලයින් සිව්දෙනා තුවාල ලැබීය.

    එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ කුරුණැගල ශික්ෂණ රෝහලට මාරුකෙරුණි.

    එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමුකෙරුණු තුවාලකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණි.

    කුලියාපිටිය පොලිසිය විසින් ටිපර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර පොල්ගහවෙල – කෑගල්ල මාර්ගයේ පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක පසුපස එම දිශාවටම ගමන් කල පුද්ගලික බස් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පසුපැදිකාරියව සිටි දැරියක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, ඉඹුල්ගස්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියකි.

    මේ අතර රත්නපුර – පානදුර මාර්ගයේ රත්නපුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 82 හැවිරිදි කාන්තාව මියගොස් ඇත.

    මේ අතර කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම කිඹුලාපිටිය මාර්ගයේ කිඹුලාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකු ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදිකයා සහ යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර එරාවුර් පොලිස් වසමේ කලුවන්කේණි දුම්රිය හරස් මාර්ගයේදී මඩකලපුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියක යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

    මරණකරු වයස අවුරුදු 26 ක් වූ කළුවන්කේණි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර පුත්තලම – හලාවත මාර්ගයේ කොට්ටපිටිය හන්දිය ආසන්නයේදී හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත.

    මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.