Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය – පොලීසියෙන් පැහැදිලි කිරීමක්
    Featured

    ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය – පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    By LFNAugust 5, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

    පසුගිය 25 වන දින අළුයම් කාලයේදී මකුළුගස්වැව පොලිස් වසමේ වැටකොළුවැව ප්‍රදේශයේදී තිත් මුවෙකු වෙඩි තබා මරණයට පත් කිරීම සම්බන්ධව ගම්වාසීන් විසින් පුද්ගලයින් තිදෙනෙකු අල්ලාගෙන සිටින බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන ලදි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ජුලි 26 වන දින දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ගිරානේගම පොලිස් ස්ථානයට හා මඩාටුගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී යෙදී සිටි පොලිස් සැරයන්වරු දෙදෙනෙකි.

    අධිකරණය මඟින් මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හා රුපියල් 5,000/- බැගින් වූ මුදල් ඇප මත මුදා හැර ඇති අතර 2025.12.05 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.

    මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා මුවෙකු වෙඩි තබා ඝාතනයට අනුබල ලබා දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ අතර දීර්ඝ විමර්ශනයකින් පසු සැකකාර පොලිස් සැරයන්වරු දෙදෙනාගේ රාජකාරී වැඩ තහනමට ලක් කර ඇත.

    එසේ තිබියදී අගෝස්තු 03 වන දින දහවල් කාලයේ ඉහත තිත් මුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වූ ප්‍රදේශයේ ගංජා හේනක් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් වැටලීම් සිදු කිරීමට යාමේදී ගම්වාසීන් එයට විරුද්ධව පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

    මෙම වැටලීම සඳහා සහභාගී වූ නිලධාරින් සිවිල් ඇඳුමින් සැරසි සිටීම සහ පොලිස් නිලධාරීන් යම් නීතිවිරෝධි හෝ අනීතික ක්‍රියාවක නිරතවීද යන්න සම්බන්ධව අනාවරණය කරගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරි දඹුල්ල විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    පුසිගිය ජුලි 25 වන දින තිත් මුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ විමර්ශන නිලධාරීන්ද සිවිල් ඇදුමින් සැරසී රාජකාරී කිරීම සම්බන්ධවද විනයානුකූලව කටයුතු කිරීමට දැනටමත් ක්‍රියා කර ඇති බව පොලීසිය පවසයි.

    තවදුරටත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් ජුලි 25 වන දින මුල් සිදුවීමේදී පොලිස් ජීප් රථයේ රියදුරුට පහරදී රාජකාරියට බාධා සිදුකළ පුද්ගලයා ඊයේ (04) අත්අඩංගුවට ගෙන දඹුල්ල ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

    මෙම සිදුවීම්වලට අදාළව නිලධාරීන් නිසි ලෙස මෙහෙයවීම හා අධීක්ෂණය නොකිරීම සම්බන්ධව මකුළුගස්වැව ස්ථානාධිපතිවරයාට විරුද්ධව විනය පියවර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.