Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අලුත් සභාපතිවරයෙක්
    Featured

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අලුත් සභාපතිවරයෙක්

    By LFNJuly 30, 2025No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත බාරදෙනු ලැබීය.

    කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා 1986 වසරේ දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිස ඇත.

    පානදුර රෝහලෙන් වෛද්‍යවරයකු ලෙස රාජකාරී දිවිය ආරම්භ කළ කළුබෝවිල මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරී, ආයතන භාර වෛද්‍ය නිලධාරී ආදී වශයෙන් තනතුරු රැසක සේවයෙන් පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට පිවිසියේය.

    වෛද්‍ය පරිපාලන සේවාවට අදාළ පශ්චාත් උපාධිය කොළඹ පශ්චාත් උපාධි ආයතනයෙන් 2002 වසරේ ලබාගෙන ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා ඉන් අනතුරුව පානදුර රෝහල, හොරණ රෝහල, කළුතර මහ රෝහලේ මෙන් ම කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ලෙසත්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) ලෙසත් කටයුතු කර ඇත.

    වෛද්‍ය තමර කළුබෝවිල මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද (30) උදෑසන සිය ධූරයේ වැඩ බාර ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.