Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
    Featured

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    By LFNJuly 7, 2025No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ” සොඳුරු නිවසක් – විකසිත පවුලක් ” පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (06) දින කහවත්ත ඕපාත වත්ත ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

    දැකුම්කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහි කිරීම සඳහා වන Clean Sri Lanka ජාතික වැඩ සටහනට සමගාමීව මෙරට මලයගම් ප්‍රජාව නඟා සිටුවීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය එහි පාර්ශවකරුවන් සමග එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරනු ඇත.

    මෙම පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස පේලි පිරිසිදු කර තීන්ත ආලේප කර පිළිසකර කිරීම, බිත්ති හා ගෙබිම පිළිසකර කිරීම, දිරා ගිය සෙවිලි තහඩු ඉවත් කර අලුතින් සෙවිලි තහඩු යෙදීම හෝ සම්පූර්ණයෙන් වහලය සකස් කිරීම, ශ්‍රමදාන මගින් වට පිටාව පවිත්‍ර කර පිරිසිදු කිරීම, ජලාපවාහන පද්ධති ක්‍රමවත් කිරීම, තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් එක් එක් නිවෙස් සඳහා අනන්‍ය ලිපිනයන් ලබාදීම, තැපැල් බෙදන නිලධාරීන් මගින් එක් එක් නිවස වෙත ලිපි ලැබීම තහවුරු කිරීම, උප්පැන්න විවාහ සහතික නොමැති අය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රෙජිස්ට්‍රාර් නිලධාරීන්ගේ සහයෝගයෙන් එම උප්පැන්න සහ විවාහ සහතික ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයා දීම, මලයගම් ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය හා අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම තුළින් චායාත්මක වෙනසක් ඇති කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් විවිධ ආකෘති ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    ඊයේ දිනෙන් ආරම්භ වූ පළමු අදියර ලෙස ඕපාතවත්තේන් ආරම්භ වු මෙම ව්‍යාපෘතිය නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ නිවාස පේලි 75 ක් හා පවුල් 1,072 ක් තෝරාගෙන ඇති අතර ඉදිරියේදි එම දිස්ත්‍රික්කවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිතය.

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැවිලි ක්ෂේත්‍රයේ නියැළි සිටින අපනයනකරුවන් හා වෙළෙඳ සංගම් හා ආයතන විසින් රු.මිලියන 112ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කරන ලදි.

    මෙම ආරම්භක වැඩසටහනේදි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප් මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා යන අය විසින් මෙම පිළිසකර කිරිම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වතු අධිකාරිය වෙත බාරදීම සිදු කරන ලද අතර පුද්ගල ලියාපදිංචි දෙපාර්තමේන්තුව මගින් හැඳුනුම්පත් නොමැති පිරිස් සඳහා හැඳුනුම්පත් ලබා දීමට අදාල තොරතුරු එක්‍ රැස්කිරිම සිදු කරන ලදි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.