Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ
    Featured

    කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

    By LFNJuly 5, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කහවත්ත ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරු රැසක් ඔස්සේ මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

    පසුගියදා පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් තිබුණි.

    එහිදී ඔවුන් දෙදෙනාව පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තබා ඇති අතර එහිදී වෙඩි වැදීමෙන් 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

    ජීවිතක්ෂයට පත්වූ එම තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී ප්‍රදේශයේ නොසන්සුන්තාවක්ද ඇති විය.

    එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කටයුතු කිරීමේදි ගම්වාසින් සහ පොලීසිය අතර ගැටුමක් හටගත් අතර එය පාලනය කිරීමට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය.

    පොලීසිය පැවසුවේ මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් පොලිස් ස්ථානවල නිලධාරීන් 30කට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවත්ය.

    එමෙන්ම තරුණයාගේ මරණය සම්බන්ධව චෝදනා එල්ල වන ඩුබායි අමිල නැමැත්තාගේ නිවසටද මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

    එමෙන්ම ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයකට හා යතුරුපැදියකටද ඊයේ (03) ගම්වාසීන් විසින් ගිනිතබා විනාශ කර තිබුණි.

    ඝාතනය සම්බන්ධව පොලිස් කණ්ඩායම් 04ක් යොදවා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධව CCTV දර්ශන හා දුරකථන වාර්තා තොරතුරු සමග කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති බවත් පොලීසිය පැවසීය.

    එමෙන්ම සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද කටයුතු කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202605 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.