Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ
    Featured

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නෑ

    By LFNJuly 5, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) පැවති අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමිනි.

    අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ පදනම් ආයතයේදී අද පැවැත්වුණේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ අල්ලස් ලබා ගන්නා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති නමුත් ලොව කිසිදු රටක නීතිය ක්‍රියාත්මක කළ පමණින් මෙය විසඳිය නොහැකි බවය.

    මේ හේතුවෙන් රට තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා,

    “ඔබට මට දෙන්න තියෙන්නේ ඉතාම සරල උත්තරයක්. ඔබ සත්භාවයෙන් සිදුකරන කිසිම දෙයක් වෙනුවෙන් මේක අදාළ වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අපි වෙනස් කරගත යුතු ලක්ෂණයක් තියනවා රජයේ සේවකයින්ට ඒ තමයි දේශපාලනඥයෝ කියන දේ කරන්නේ නැති රාජ්‍ය සේවයක් හදාගන්න. එහෙම වුණෙත් නෑ එහෙම වෙයිද කියන්න අපි දන්නෙත් නෑ. කවුරුහරි කියුවොත් ඇමතිතුමා කියුවා ඒ නිසා මේක කළා කියලා ඔහු මේ වරදට වගකීම දැරිය යුතු නැහැ. සමහර රාජ්‍ය සේවකයෝ මම දන්නවා මේක වැරදියි කියලා නමුත් මට මේක කරන්න සිද්ධ වෙනවා කියලා ලොග් පොතේ හරි සටහන් තියලා තියෙනවා. ඒ නිසා මට දෙන්න තියන පණිවිඩය එහෙම මිනිස්සු අපි අත්අඩංගුවට අරන් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 202602 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර…

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.