Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු
    Featured

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    By LFNJuly 2, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමක් කහවත්ත ඇන්දාන ප්‍රදේශයෙන් වාර්තා විය.

    පැහැර ගැනුණු අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි.

    පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම මත ඝාතනය සිදුකර ඇති බවය.

    කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක පසුගිය (30) රාත්‍රීයේ සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.

    එම අවස්ථාවේදී එහි කඩාවැදුණු පුද්ගලයෙකු පවසා ඇත්තේ,
    “දුවන්න එපා. අපි රත්නපුර පොලීසියෙන්. ඔහොම ඉඳපල්ලා” යනුවෙනි.

    එහිදී සහෝදරයන් දෙදෙනා අතරින් අයෙක් එම ස්ථානයෙන් පලාගොස් අසල වූ තේවත්තක සැඟවී තිබුණි.

    පසුව තවත් අයෙකු ද එම ස්ථානයට පැමිණ තරුණයන් දෙදෙනාට මාංචුවක් දමා ඔවුන් ජීප් රථයක නංවාගෙන පලාගොස් තිබේ.

    පොලීසිය පැවසූවේ ඔවුන් දෙදෙනා කහවත්ත ඇන්දාන, කොස්කෑල්ල නම් ප්‍රදේශයේ පාළු ස්ථානයක් වෙත රැගෙන ගොස් ජීප් රථයෙන් බස්සවා බිම දණගස්වා ඇති බවය.

    එහිදී තරුණයන් දෙදෙනා කෑගසීමත් සමග, පැහැරගැනීම සිදුකළ කණ්ඩායමේ අයෙකු බිමට වෙඩි තබා ඇති අතර එහිදී උණ්ඩ කැබැල්ලක් එක් තරුණයෙකුගේ පාදයකට වැදී ඇතැයිද පොලීසිය පැවසීය.

    පසුව අනෙක් තරුණයා “මේ පොලිසියෙන් නෙවෙයි, අපිව මරන්නයි යන්නේ” යනුවෙන් කෑ ගැසීමත් සමග පිරිස ඔහුගේ ගෙල ප්‍රදේශයට වෙඩි තබා ඔවුන් පැමිණි ජීප් රථයෙන් පලාගොස් තිබේ.

    තුවාල ලැබූ තරුණයාගේ කෑගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පැමිණ මාංචුව කඩා ඔහුව රෝහල්ගත කර තිබූ අතර ගෙලට වෙඩි වැදුණු තරුණයා ඒ වනවිටත් මියගොස් ඇත.

    එලෙස ඝාතනයට ලක්වුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමැත්තෙකි.

    මේ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ තරුණයා හා ඔහුගේ සහෝදරයා ඔවුන් පදිංචි ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග ඉකුත් අප්‍රේල් මාසයේදී ගැටුමක් ඇතිකරගෙන ඇති බවය.

    ඒ අදාළ පුද්ගලයා සිදුකරන බව කියන ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකට මෙම සහෝදරයින් දෙදෙනා විරෝධය පළකිරීම හේතුවෙනි.

    එම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමිත් නැමැත්තාගේ ඥාතියෙක් වන අතර ඒ අනුව මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් සිදුවී ඇතැයි පොලීසිය සැක කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.