Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි
    Featured

    ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

    By LFNJune 30, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (30) යෙදී තිබේ.

    වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇත.

    ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.

    නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් ගොඩනඟා තිබීමද විශේෂත්වයක් වේ.

    සමාජ මාධ්‍ය ඇරඹුම පරිගණකය,මෙන්ම ස්මාර්ට් දුරකථනය ඔස්සේ සංකීර්ණත්වයට පත්ව ඇති අතර 2002 වසරේදි Friendster, 2003 වසරේදි MySpace ආරම්භ වීම සහ 2004 වසරේදී ෆේස්බුක් ආරම්භ වීමත් සමග තාක්ෂණික ගමන් මඟ ඔස්සේ විවිධාකාර සමාජ මාධ්‍ය මෘදුකාංග හා යෙදුවම් නිමැවුමටත් ඒ ඔස්සේ ලෝකයම එකම ස්ථානයකට එකතු වීමට අවස්ථාව උදාවුණි.

    ලෝකයේ මහාද්වීප යා කරමින් අති විශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වන අතර, ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික් ටොක් වැනි සන්නිවේදන මෙවලම් මේ වනවිට ලෝකයේ සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය කරනු ලබයි.

    මේ අතර වර්තමානය වන විට සමාජ මාධ්‍ය ලෝක දේශපාලන බල තුලනයට ද බලපෑම් සිදුකරනු ලබන අතර, මානව සන්නිවේදනයේ දී සමාජ මාධ්‍ය නැතිව බැරි අංගයක් බවට පත්ව තිබීමද විශෙෂත්වයකි.

    මානව මතවාද ගොඩනගන සහ මානව මතවාද ඝට්ඨනය කරනු ලබන බොහෝ අරපරිස්සමෙන් භාවිතා කළ යුතු මෙවලමක් බවට අද වනවිට සමාජ මාධ්‍ය පත්ව තිබේ.

    ලෝක සමාජ මාධ්‍ය දිනය යෙදෙන අද දිනයේදි මෙරට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතාගෙන් ‘අද දෙරණ’ විමසිමක් සිදුකළේය.

    “ඕනෑම රටක සමාජ මාධ්‍ය පිළිබඳ බොහෝදෙනෙකු ඉදිරිපත් කරන්නේ ඍණාත්මක අදහස්. නමුත් ඒ ඍණාත්මක අදහස්වලට හේතු වෙලා තියෙන්නේ මාධ්‍ය භාවිතය ගැන ඇති වෙලා තියෙන දුරාබෝධ කියන එකයි මට නම් පේන්නේ. පළමු කොටම මේකේ වැදගත්කම තියෙන්නේ, අලුත් මාධ්‍යයක් විදියට භාවිත කරන්න. මීට අවුරුදු 20කට 25කට පමණ පසුව ලෝකයේ වර්ධනය වුණ මාධ්‍යයක්. හැබැයි මාධ්‍යය තුළ විශාල පෙරළියක් කළ කේෂ්ත්‍රයක්. සමාජ මාධ්‍යයෙන් තොරව වර්තමාන සමාජයට පැවැත්මක් නෑ.”

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පවසා සිටියේ මේ වනවිට මෙරට ජනගහනයෙන් 53%ක් සමාජ මාධ්‍ය භාවිතයට යොමුව ඇති බවයි.

    එය මිලියන 12ක පමණ ප්‍රමාණයක් බවත් සඳහන් කළ ඒ මහතා, මෑත කාලීන ප්‍රවණතාවයක් ලෙස 2025 වසරේ ටික්ටොක් භාවිතය 30%ක පමණ වර්ධනයක් දක්නට ඇතැයි ද පැවසීය.

    එය ප්‍රමාණාත්මකව අනෙකුත් සමාජ මාධ්‍ය සමග සැසදීමේ දී සාපේක්ෂව අඩු වුවත් වේගවත්ම වර්ධනයක් ඇති සමාජ මාධ්‍ය වන්නේ ටික්ටොක් බව ද පැවසු විජයානන්ද රූපසිංහ මහතා අද වැනි දවසක ලංකාවේ ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනයට යොමු විය යුතු බව ද කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.