Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යළි ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලංකිකයින්ට උපදෙස් මාලාවක්
    Featured

    යළි ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලංකිකයින්ට උපදෙස් මාලාවක්

    By LFNJune 25, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    එහි තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයක් ද ආරම්භ කර ඇති බවය.

    දැනට පවතින යහපත් තත්ත්වය හමුවේ බොහේ විට අද (25) දිනයේ ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනු ඇති බව සඳහන්.

    දැනට පවතින සටන් විරාමය රැකගැනීමට ඊශ්‍රායලය හා ඉරානය යන රටවල් දෙකම එකඟ වී ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    එම කාර්යාලය පැවසුවේ ඊයේ (24) දවස තුළ ඊශ්‍රායලයෙන් පිටත්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපොළ හරහා කොළඹට පැමිණි බවය.

    ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින පිරිස් යළි ඊශ්‍රායලය වෙත පැමිණීමට තම ගුවන් ටිකට්පත් අදාළ ගුවන් ටිකට් පිළිබඳව විස්තර අදාළ විදේශ රැකියා ආයතන මඟින් විමසන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

    බොහෝ මගීන් පිරිසක් එකවර පැමිණීමට අපේක්ෂා කරන බැවින් ගුවන් ටිකට් පත් ලබා ගැනීමට තරමක තදබදයක් තිබිය හැකි බව ද සඳහන්ය.

    ටෙල් අවිව් වෙත පැමිණෙන ගුවන ගමන් හෝ ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපොළේ තත්ත්වය පිළිබඳව වැඩිදුර විස්තර සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලා සිටී.

    මේ අතර සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

    කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදුකළ දුරකථන සංවාදයකින් අනතුරුව තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම කොන්දේසි ඊශ්‍රායලය පිළිපදින්නේ නම් පමණක් සටහන් විරාමයට අනුගත වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.