Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපුර වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු
    Featured

    ජපුර වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු

    By LFNJune 25, 2025No Comments3 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දූෂණ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝගීන් ලවා තමන්ට අයත් පෞද්ගලික ආයතනයකින් ශල්‍ය උපකරණ ගෙන්වාගෙන මොළය මියගිය රෝගීන්ටත් සැත්කම් සිදුකර ඇති බව ඊයේ (24) අධිකරණයේදී අනාවරණය වුණි.

    ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

    ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනාම ජුලි 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාරගත කිරීමට නියෝග කළාය.

    අල්ලස් පනතේ දූෂණය නම් වරද යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වූ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

    එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.

    “ස්වාමීනී සැකකාර වෛද්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ එකම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය. ඊ.වී.ඩී නමැති ශල්‍ය උපකරණ ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500ක මුදලකට ගන්න පුළුවන්. නමුත් සැකකාර වෛද්‍යවරිය රෝගින්ට කියලා තියෙන්නේ ඒවා පිටින් ගන්න කියලා. එය සිදුකර තිබෙන්නේ, සෙසු සැකකරුවන් දෙදෙනා හරහායි. රෝගීන් යොමුකරලා තියෙන්නේ එම්.එන්.එම්. මෙඩිකල් සර්විස් නමැති ආයතනයකට. එහිදී රු.17,500ක රෝහලින් මිලදී ගන්න පුළුවන් ශල්‍ය උපකරණය රෝගින්ට අලෙවි කරලා තියෙන්නේ රුපියල් 150,000 සිට 250,000 අතර මුදලකට. ඊට අදාළ බිල්පත් විමර්ශනවලදී අනාවරණය වුණා. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මිලදී ගන්නා ශල්‍ය උපකරණ කිසිම අවස්ථාවක රෝගීන්ගේ අතට දීලා නැහැ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ විට ඇය කියාසිටියේ ඇතැම් විට සැකකාර වෛද්‍යවරියම එම උපකරණ ශල්‍යාගාරයට රැගෙන එන බව.”

    අනතුරුව විමර්ශන නිලධාරියා සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

    “ස්වාමිනි, මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ පමණක් ඇයට එරෙහිව ඇමතුම් 92ක් අල්ලස් කොමිසට ලැබිලා තියෙනවා. දැනට වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් 88කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල සමාජ කැළඹීමක් හටගෙන තිබීමත්, වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැත්තාට ජීවිත තර්ජනය එල්ල වී තිබීමත් සලකා බලා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

    අනතුරුව සැකකාර වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

    “ස්වාමීනි….ශල්‍යකර්මවලට අවශ්‍ය ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර කියන්නේ මුදල් අය කරලා සැත්කම් කරන තැනක්. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවෙයි. ඒ නිසයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 සිට. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ. එබැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා.”

    විත්තියේ නීතිඥවරුන්ගේ ඇප ඉල්ලීමත් සමඟ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ කරුණු දැක්වීය.

    “ස්වාමීනි… මේ සැකකාර වෛද්‍යවරිය ඖෂධවලින් සුව කළ හැකි රෝගින්වත් සැත්කම්වලට භාජනය කර තිබෙනවා. මොළය මියගිහින් හදවත යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ රෝගීන්ටත් මෙම සැකකාර වෛද්‍යවරිය සැත්කම් සිදුකර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා එම සැත්කම් කර තිබෙන්නේ, රෝගීන් මියගොස් දින පහකට පසුව බව. ස්වාමීනි… මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්.”

    දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.