Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»W15 හෝටලයට වෙඩිතැබීමේ අවශ්‍යතාවක් තමාට නොතිබූ බව දේශබන්දු කියයි
    Featured

    W15 හෝටලයට වෙඩිතැබීමේ අවශ්‍යතාවක් තමාට නොතිබූ බව දේශබන්දු කියයි

    By LFNJune 24, 2025No Comments4 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බවත් මේ සියලු චෝදනා දේශපාලනික උවමනා බවත් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අද සඳහන් කළේය.

    ඒ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට අද පෙනීසිට සාක්ෂි ලබාදෙමින්ය.

    ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කමිටුව අද 10 වැනි දිනයටත් පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී රැස්වුණි.

    චෝදනා එල්ලව ඇති දේශබන්දු තෙන්නකොන් මහතා ඊයේ පළමුවරට කමිටුවේ පෙනීසිට සාක්ෂි ලබාදුනි.

    ප්‍රථමයෙන්ම ඔහුගෙන් ප්‍රශ්න කළේ ඔහුගේ නීතීඥ එස්.වීරවික්‍රම මහතාය.

    යුක්තිය මෙහෙයුම සහ හරක් කටා පිළිබඳ නැඟුණු ප්‍රශ්නවලට සාක්ෂිකරු පිළිතුරු ලබාදුනි.

    ”ස්වාමිනි, අපි දැඩි පරිශ්‍රමයක් දරලා හරක් කටා අත්අඩංගුවට අරන් ලංකාවට රැගෙන ආවා.හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිද්දිත් කිසිම බාධාවක් නැතිව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුක‍රගෙන ගියා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට සැඟවුණු ආශිර්වාදයක් ලැබුණා. ”

    ඔබ වැඩබලන පොලිස්පති ලෙස පත්වීමෙන් පසු හරක් කටා ගැන ක්‍රියාමාර්ග ගත්තා ද?නිතීඥවරයා විමසීය.

    ”ඔව් ස්වාමිනි. ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ 149 දෙනෙකුගේ ලැයිස්තුවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් ලබාදුනි.

    එම ලැයිස්තුවට මොකද කළේ? යනුවෙන් වීරවික්‍රම මහතා එහිදී විමසා සිටියේය.

    ”කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට මම වාචිකව උපදෙස් දුන්නා අදාළ ලැයිස්තුවේ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා.” යනුවෙන් තෙන්නකෝන් මහතා පිළිතුරු ලබාදුනි.

    ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැතුව කොළඹ අපරාධ කොට්ඨාසයට විමර්ශන දුන්නේ යන්න නීතීඥවරයාගේ මීළඟ ප්‍රශ්නය වුණි.

    “ස්වාමිනි, ඒ වෙද්දිත් CID එකේ අයට හරක් කටාගෙන් මුදල් යනවා කියලා ප්‍රචාරයක් තිබුණා. ඔවුන් ඒ වෙද්දිත් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ. එමනිසා තමයි CID එකට විමර්ශන පැවරුවේ නැත්තේ.”

    එහිදී එක්වරම කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසුවේ කොළඹ අපරාධ කොටිඨාසයේ නිලධාරින්ට රාජකාරි කළහැකි බල ප්‍රදේශය කුමක්ද? යන්නය.

    ”ස්වාමිනි, කොළඹ ප්‍රදේශයේ. නමුත් පොලිස්පතිගේ උපදෙස් මත පිට පළාත්වලට යන්නත් පුළුවන්.” යනුවෙන් තෙන්නකෝන් මහතා පිළිතුරු දුනි.

    නීතීඥවරයා එහිදී විමසුවේ ලැයිස්තුවේ සිටි පුද්ගලයින් බහුලව සිටියේ කුමන ප්‍රදේශවලද යන්නයි.

    ”ස්වාමීනී මාතර, වැලිගම, පැලෑන, මිරිස්ස ප්‍රදේශවල සිටින බව තමයි සඳහන් වුණේ. ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සම්පත් ලබාගන්නා මෙන් මම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ට වාචිකව උපදෙස් දුන්නා.”

    යනුවෙන් දේශබන්දු තෙන්නකොන් මහතා පිළිතුරු ලබාදුනි.

    පසුව වීරවික්‍රම මහතා ප්‍රශ්න කර සිටියේ වැලිගම W15 හෝටලයට අදාළ පිරිස ගියේ නීත්‍යනුකූල ක්‍රියාවක් සඳහාද යන්නයි.

    “ඔව් මගේ අවසරය මත හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගැනීමට තමයි එම පිරිස ගියේ” යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබාදුනි.

    සභාපති විනිසුරුවරයා එහිදී ක්ෂණිකව ප්‍රශ්න කළේ තවමත් ඔබේ මතය එයම ද බවය.

    ඊටත් ”ඔව්” යනුවෙන් තෙන්නකෝන් මහතා පිළිතුරු ලබාදුනි.

    ”වෙඩි තියපු හෝටලය ඉදිරිපිට තිබිලා SOCO නිලධාරින් උණ්ඩ කොපු 21ක් හොයාගෙන තිබුණා. නමුත් CCD නිලධාරින් පැවසුවේ ඔවුන් වෙඩි තිබ්බේ උණ්ඩ 9කින් විතරයි කියලා. පොලිස් ජංගම රථයේ නිලධාරින් වෙඩි තියලා තිබ්බේ උණ්ඩ 6යි. එකතුව උණ්ඩ 15යි. දැන් සැකයක් එනවා තුන්වෙනි පාර්ශ්වයක් වෙඩි තිබ්බාද කියලා. ” යනුවෙන් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා.

    නීතීඥවරයා තවදුරටත් ප්‍රශ්න කලේ W15 හෝටලයට වෙඩි තැබීම සඳහා ඔබට යම් වුවමනාවක් පවතියාද යන්නයි.

    ඊට දේශබන්දු මහතා පිළිතුරු ලබාදුන්නේ

    “මම එම හෝටලයේ අයිතිකරු කවුද කියලාවත් දන්නේ නැහැ. මට ඒ වගේ කිසිම අවශ්‍යතාවක් නැහැ. පුළුවන් නම් ඒ හිමිකරු හොයාගෙන අහන්න මාත් එක්ක පුද්ගලික තරහක් තිබ්බාද කියලා. මේක මාව මේ තනතුරෙන් ඉවත් කරන්න දේශපාලනිකව කරපු දෙයක්. මාව දින 20ක් බන්ධනාගාරගත කරලා තිබ්බා. මම මෙට්ටයක්වත් ඉල්ලුවේ නැහැ. මම මේ කමිටුව විශ්වාස කරනවා. මට සාධරණයක් වේවි. ඒ වගේම මේක ඉතිහාස ගතවේවී.”

    අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අතර ඔහු විමසුවේ

    CCD නිලධාරින් කවුරුත්ම එදා නිල ඇඳුමකින් ගියේ නැත්තේ? ඇයි යන්නයි

    ඊට පිළිතුරු ලෙස සාක්ෂිකරු

    ”මොකක් හරි උපක්‍රමයක් වශයෙන් ඔවුන් එහෙම ගියාද දන්නේ නැහැ. ඒක ඔවුන්ගෙන්ම තමයි අහන්න ඕනේ. නමුත් මම නම් කිව්වේ නැහැ ඔක්කොම සිවිල් යන්න කියලා” යනුවෙන් පිළිතුරු ලබාදුන්නා.

    වීරවික්‍රම මහතා සාක්ෂිකරුගෙන් යළි ප්‍රශ්න කළා.

    ”ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගත්තා කියලා ඔබට චෝදනාවක් තියෙනවා

    ”මම ක්‍රිකට් බෝඩ් එකත් එක්ක සමීපව කටයුතු කළා. මැච්වලට ආරක්ෂාව දෙන්න මුල්වෙලා කටයුතු කළා. ඊටපස්සේ ක්‍රිකට් බෝඩ් එකෙන් මට ලිඛිතව දැනුම් දුන්නා ඔවුන් විශේෂඥ ආරක්ෂක උපදේශක කියන තනතුර මට ප්‍රදානය කරන්න කැමතියි කියලා. ඒ සඳහා මට මතක විදියට මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාදෙන්න ඔවුන් යෝජනා කරලා තිබුණා. මම ඒ ගැන තවකෙනෙක් එක්ක සාකච්ඡා කළා. ඔහු මට කිව්වා ඕක නම් ලෝක ලෙඩක් වෙයි ගන්න එපා කියලා. ඒ නිසා මම ලිඛිතව ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා මම ඒ තනතුරු භාරගන්නේ නැහැ මට ජොබ් දෙකක් කරන්න බැහැ කියලා.” ලෙස ඔහු පිළිතුරු දුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.