Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා
    Featured

    කිසිදු ලියවිල්ලක් නැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කරලා

    By LFNJune 21, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    ජනාධිපති සමාව අනීතිකව යොදාගනිමින් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී මේ සම්බන්ධව හෙළිවී ඇත.

    ඊට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාරගතවය.

    නිදහස් කර ඇති එම පිරිස විවිධ කාණ්ඩ යටතේ නිදහස් කර ඇති අතර ඔවුන් නිදහස් කර ඇත්තේ, කුමන පදනමකින්ද යන්න පිළිබඳ ද සොයා බලන බව විමර්ශන නිලධාරීන් පවසයි.

    මෙවන් පසුබිමක මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ජනාධිපති සමාව හිමිවූ පුද්ගලයන් 37 දෙනෙකු නිදහස් නොකිරීම සම්බන්ධයෙන් ද වාර්තාවී ඇති බවය.

    මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

    සියලුම බන්ධනාගාර අධිකාරීවරු එළැඹෙන 23වනදා කොළඹට කැඳවා විෂයභාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

    එදිනම පස්වරුවේ වැඩබලන බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණදී ඇති වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

    එමෙන්ම ඉදිරියේදී සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.